දීපවාලි සමයේ තවදුරටත් යාපනයේ ගමන් සීමා

එලඹෙන දිපවාලි සමය නිසා යාපනයේ දූපත් ප්‍රදේශවලට බලපාන පරිදි පනවා තිබූ දැඩි සංචරණ සීමා ලිහිල් කොට තිබුණද තවදුරටත් ජනයාගේ ගමන් බිමන් පාලනය කිරීම සඳහා කටයුතු කෙරෙන බව යාපනය දිසාපති කනපතිපිලෛ මහේෂන් පවසයි. දිසාපතිවරයා පෙන්වා දෙන්නෙ කොවිඩ් වසංගතය පැතිර යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

ඒ අතර යාපනය අර්ධද්වීපයට අයත් ඩෙල්ෆ්ට් වැනි දූපත්වල පදිංචි මහජනයාට සිය මූල්‍ය කටයුතු කරගැනීමට බැංකු වැනි ආයතන භාවිතා කිරීමේදී අන්තර්ජාල පහසුකම් ඉතා දුබල වීම බාධාවක්ව තිබේ. ඊට පිළියම් යොදන ලෙස මහජනයා කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ටෙලිකොම් සමාගමේ හා නාවික හමුදාවේ සහාය ඇතිව පහසුකම් පුළුල් කිරීමට පියවර ගන්නා බවද දිසාපතිවරයා පැවසීය.

මේ වනතෙක් යාපනය අවට දූපත්වලින් කොවිඩ් 19 වැළඳුණු රෝගීන් හමුව නැත. එහෙත් දූපත්වලට වයිරසය ඇතුළුවීම පාලනය කිරීම සඳහා දැඩිව විමසිලිමත් වන බවද පිටස්තර කිසිවෙකුට හෝ යාපනයේ දූපත් සමූහයට ඇතුළුවීම තහනම් කර ඇති බවද දිසාපතිවරයා පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *