දෙවනගල ගැටලුව ගැන සාකච්ඡා

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව සහ කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මාවනැල්ල දෙවනගල පුරාවිද්‍යා බිම ආශ්‍රිත මතුව ඇති ගැටළු නිත්‍යානුකූලව විසඳීම වෙනුවෙන් අදාල ක්‍රියාමාර්ග ගැනීමට අවධානය යොමුව තිබේ. පවතින ගැටළු නීත්‍යානුකූලව විසඳීම සඳහා අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමට නියමිත අතර ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග  සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කෙරිණි.

සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි,  කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා රත්නායක, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බෞද්ධ කටයුතු කොමසාරිස් (මහනුවර) ලලිත් ඇටම්පාවල, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ, අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ් එම් ෆයිසාල්, පුරාවිද්‍යා සහකාර කොමසාරිස් ඒ.කේ නිල්මල්ගොඩ යන මහත්ම මහත්මීන්, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් පිරිසක් දෙවනගල ගැටළුව සාකච්ඡා කිරිම සඳහා සහභාගී වූහ.

දෙවනගල පුරා විද්‍යා රක්ෂිතයේ ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීමට හා සෙල්ලිපි ඇතුළු පුරාවිද්‍යා ස්මාරකවලට හානි සිදු කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබීම මෙම ගැටලුවට හේතුවයි

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *