දෙවැනි පී.සී.ආර් පරීක්ෂණය නොකර රෝගීන් 51ක් ආපසු යවලා

පසුගිය 24 වෙනිදා සිට අම්පාර පදියතලාව ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව රඳවා සිටි රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ කොවිඩ් රෝගීන් 51ක් දෙනෙකු ආපසු නිවෙස් වෙත යවා තිබේ. අද උදෑසන නිවෙස් වෙත පිටත් කළ ඔවුන් දින 10කට වැඩි කාලයක් රෝග ලක්ෂණ පෙන්වා නොමැත.

නිවෙස්වලට යැවූ පසු මේ සියලු දෙනා දින 14ක් ස්වයං නිරෝධායනය විය යුතු බව දන්වා තිබේ. ඔවුන්ගෙන් බහුතරය පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව රෝගය වැළඳුණු පිරිස් ය.  ඊයේ දිනයේ පිටත් කර යැවීමට නියමිතව තිබුණත් ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ අවශ්‍යතාව නිසා අද දිනය දක්වා ප්‍රමාද වීම සිදුව තිබේ. පිටත් කර යැවූ රෝගීන් සුව වී ඇතිදැයි තහවුරු කරගැනීම සඳහා දෙවන පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර නොමැති අතර තවත් රෝගීන් 18ක් පදියතලාව ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබති.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *