දෙහිඅත්තකණ්ඩිය, හොර අත්සන් ගසා 5000 වංචා කරලා

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තුවාරගල, කුඩාගල හා මුවපැටිකේවෙල යන ග්‍රාමසේවා වසම්වල මිය ගිය වකුගඩු රෝගීන්ගේ ව්‍යාජ අත්සන් සහ ඇඟිලි අත්සන් යොදා රජයෙන් ලබා දුන් රුපියල් 5000ක සහනාධාර දීමනාව වංචා කිරීමේ සිදුවීමක් අනාවරණය වේ. මෙලෙස වංචා සහගත ලෙස එම මුදල් ලබාගෙන ඇත්තේ දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාශයේම වසමක් භාරව සේවය කරන ග්‍රාම නිලධාරිවරයෙකු බවද අනාවරණය වී තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ එවැන්නක් සිදුව ඇති අතර මූලික කරුණු සොයා බැලීමක් කළ බවයි. එහිදී අනාවරණය වූයේ අදාල ග්‍රාම නිලධාරිවරයා එසේ කිහිප දෙනෙකුගේ නම්වලින් ලබාගත් මුදල් ඔවුන්ගේ දරුවන් වෙත භාර දී ඇති බව යැයි ප්‍රාදේශීය ලේකම් වරයා පැවසීය. එහෙත්, එලෙස ව්‍යාජ අත්සන් යොදා රජයේ මුදල් ලබාගෙන ඇත්නම්, ඒවා මියගිය අයවලුන්ගේ පවුල්වලට ලබාදීම තුළ පවා වරදක් සිදුව තිබෙන්නේයැයි අපට හැඟෙන බව පැවසීමේදී ලේකම්වරයා කියා සිටියේ අදාල ග්‍රාම නිලධාරිවරයා මේවනවිට එලෙස ලබාගත් දෙදෙනෙකුගේ මුදල් ඔවුන්ගේ පවුල්වලට ලබා දී ඇති අතර විමර්ශනයක් කිරීමේ අවශ්‍යතාවක් නැති බවයි.

සමිත නවමැදගම

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *