දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහිව නඩු දානවා – ස.ජ.බ

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.එම වාර්තාවේ පිටපත් ලබාදෙන ලෙස පසුගිය මස 28 දින ඉල්ලීමක් කළත් තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය ලැබී නොමැති බවද ඒ මහතා කීය. විපක්ෂනායක කාර්යාලයේදී ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවකදී කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය. රටේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත්  එම නිසා අදාළ වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබාදීමේ වගකීමක් එතුමාට තිබෙන බවත් හෙතෙම පැවසුවේය.යම් අයෙකු දේශපාලන පළිගැනීමක් හෝ නීතිවිරෝධි දෙයක් සිදුකර තිබේ නම් ඒ අයට දඬුවම් කිරීමට අපේ රටේ පිළිගත් නීති පද්ධතියක් තිබෙන බවත් යහපාලන ආණ්ඩුව 2015 බලයට පත්වූ අවස්ථාවේ  කොමිෂන් හරහා යම් යම් පුද්ගලයින්ට  දඩුවම් ලබාදීමට හා ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ඉල්ලීම් ඉදිරිපත් වුවත් එම  ආණ්ඩුවේ නායකයින් ලෙස ක්‍රියා කළ ජනපති මෛත්‍රී හා අගමැති රනිල් පැහැදිලිව ප්‍රකාශ කළේ පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය හරහා කටයුතු කරනවා විනා කොමිෂන් සභා හරහා දේශපාලන විරුද්ධවාදින්ට දඩුවම් කිරිම යල්පැනපු ක්‍රියාවලියක් බව යැයිද කිරිඇල්ල මහතා කීවේය. නව ව්‍යවස්ථාවක් ගෙන එමින් ප්‍රථම වරට දේශපාලන විරුද්ධවාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමේ සංකල්පය හදුන්වාදුන්නේ ජේ.ආර් ජයවර්ධන මහතා 1978 දී බවත් එය අපේ රටට විශාල කළු පැල්ලමක් ලෙස සටහන්ව තිබෙන බවත් කී ඒ මහතා මේ නිසා දේශිය, විදේශීය වශයෙන් අපි අපකීර්තියට පත්වූ බවද අවධාරණය කළේය. වර්ෂ 1981 පසුව අවුරුදු 41 ක් තුළ රජයවල් ගණනාවක් පත්වුණත් මේ ආකාරයට ජනාධිපති කොමිෂමක් හරහා දේශපාලන විරුද්ධවාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිමක් සිදු නොවුණු බවත් එය  යල්පැන ගිය ප්‍රතිපත්තියක් බවත් කී මන්ත්‍රීවරයා යහපාලන ආණ්ඩුවේ නායකයින් එය තරයේම ප්‍රතික්ෂේප කළ බවද අවධාරණය කළේය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *