නඩු භාන්ඩ පිස්තෝලය විකිණීමට ගිය උසාවි සේවක දැලේ

බදුල්ල අධිකරණ සංකීර්ණයට අයත් නඩු භාණ්ඩ ගබඩාවේ තිබූ මයික්‍රෝ වර්ගයට අයක් පිස්තෝලයක් සොරාගෙන අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. 37 හැවිරිදි සැකකරු හල්දුම්මුල්ල ඌවතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.

ඉකුත් 09 වැනිදා රාත්‍රියේ ඔහු අත්අඩංගුවට පත්වූයේ බදුල්ල තැපැල්හල පාරේ අවන්හලකදී පිස්තෝලය විකිණීමට උත්සාහ ගනිමින් සිටියදී ය. මාතර ප්‍රදේශයේ ගැණුම්කරුවෙකු හට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලකට අලෙවි කිරීමට උත්සාහ ගත් මෙම පිස්තෝලය 2005 වසරේදී පොලිස් අත්අඩංගුවට පත් කොටි සාමාජිකයෙකු සතුව තිබූ ගිනි අවියක් බව වාර්තා වේ.

බදුල්ල පොලීසියේ දිසා අපරාධ විමර්ශන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කර ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *