නියාමනයට වඩා උතුරේ පත්තර සීමාව දැනගත යුතුයි – ජනමාධ්‍ය ඇමති
උතුරේ ඇතැම් දෙමළ පුවත්පත් ත්රස්තවාදයට උඩගෙඩි දෙමින් සිටින බවත් මාධ්‍ය නියාමනයකට යනවාට වටා ඔවුන් තමන්ගේ සීමාවන් හඳුනාගෙන කටයුතු කිරීම වැදගත් බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ත්රස්තවාදයට උඩගෙඩි දෙන කල්ලි හා සංවිධාන ගණනාවක් මතු වුනද ත්රස්තවාදයට යළි හිස එසවීමට කිසිදු ඉඩක් නොදෙන්නේ යැයි ඒ මහතා කීය.
මහනුවර මැණික්හින්නේ දී පෙරේදා (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාන්තා නියෝජිත හමුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
වසර තිහක් තිස්සේ පැවැති ත්‍රස්තවාදය හේතුවෙන් මෙරට සිවිල් ජනතාව බෙහෙවින්ම පීඩාවට පත්ව සිටි බවද රඹුක්වැල්ල මහතා කීය.
ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කිරීමෙන් පසු ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස කැටිපෝලයක් හෝ එසවීමට ඉඩක් නොතිබූ නමුත් යහ පාලන සමයේ බුද්ධි අංශ දුර්වල කිරීම නිසා පාස්කු ප්‍රහාරය එල්ල වූ බවත් කී ඒ මහතා දැන් යළිත් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙන බවද අවධාරණය කළේය.