නිල සංචාරයට ආ ඉන්දුනීසියානු යුද්ධ නැව පිටව යයි

ජාත්‍යන්තර සහයෝගය සංකේතවත් කරමින් නිල සංචාරයක් සඳහා දිවයිනට සේන්දු වූ ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් Kri Bung Tomo නෞකාව අද (7) දිවයිනෙන් බැහැරව ගියේ ය.  දෙදින නිල සංචාරයක් සඳහා පසුගිය 05 වැනිදා පැමිණි මෙම නෞකාව හම්බන්තොට වරායෙන් පිවිසීම විශේෂත්වයකි.

දිගින් මීටර් 95ක් වන Kri Bung Tomo නෞකාව කාර්ය මණ්ඩලය 103 දෙනෙකුගෙන් සමන්විත වේ. ඉන්දුනීසියානු නාවුක හමුදාවේ පළමු දියත් විධානයෙහි ආරක්ෂක නෞකා බල ඝනයට අයත් මෙම නෞකාව මධ්‍ය ප්‍රමාණයේ බහුකාර්ය නැවකි.

හම්බන්තොට වරායේදී මෙම නෞකාව හා කොවිඩ් ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ක්‍රියා කළ අතර නාවික හමුදාව පැවසුවේ කලාපීය වශයෙන් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙවැනි ගමන් වැදගත් වන බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *