නුවරඑළිය, මැතිවරණ රාජකාරි දාපු අය පක්ෂවලට වැඩ

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා තෝරාගෙන සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් දසදෙනෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලින් ඉවත්කර ඔහුන්ට එරෙහිව විමර්ශනයක් සිදුකිරීමට පියවර ගත්බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය. මෙලෙස මැතිවරණ රාජකාරී වලින් ඉවත් කරනු ලැබුවේ ගුරුවරුන් පිරිසක් බවත් ඔවුන් පක්ෂ දේශපාලන කටයුතු වල නිරතව ඇති බවට ලැබුණු පැමිණිලි මත අදාළ තීරණය ගත් බවත් ඒ මහතා කීය.පැමිණිල්ල ඉදිරිපත් කළ අය ඒ සඳහා වන සාක්ෂි ඡායාරූපද සමඟ ලබාදී තිබෙන බවද පුෂ්පකුමාර මහතා පැවසුවේය.ඉවත් කළ පිරිස වෙනුවට වෙනත් පිරිසක් මැතිවරණ රාජකාරී සඳහා පත්කළ බවද හෙතෙම අවධාරණය කළේය.නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 498 ක් ස්ථාපිතකර තිබෙන බවද ඒ මහතා කීය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *