නොර්වුඩ් ගින්න, නිවාස 14ක් සුන්

ඊයේ (27) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නකින් නෝර්වුඩ් පොලිස් වසමේ නිව්වැලි වතුයායේ නිවාස 14ක් මුලුමනින්ම විනාශ වී තිබේ. මේ වනවිට එම නිවාසවල ජීවත් වූ 50කට අධික පිරිසක් අවතැන්ව සිටිති.

නොර්වුඩ් පොලීසිය පවසන්නේ රාත්‍රී 07.30ට පමණ ඇති වූ මෙම ගින්නට හේතුව නිශ්චිතව හඳුනාගෙන නැති අතර විදුලි කාන්දුවක් නිසා සිදුවන්නට ඇතැයි සැක කරන බවය.

ඇවිලෙමින් පැවති ගින්න නිවා දැමීමට පොලීසිය හා මහජනයා උත්සාහ ගත් නමුත් නිවාස 14ක් මුලුමනින්ම දැවී ගිය අතර තුවාලකරුවන් හෝ ජීවිත හානි වාර්තා වූයේ නැත. අවතැන් වූ පිරිස මේ වනවිට යාබද නිවාසවල රඳවා සිටින අතර ගින්නේ හානිය තවමත් තක්සේරු කර නැත.

වතුකරයේ නිවාස ලැයිම්කාමර පේළි ලෙස අධිරාජ්‍ය යුගයේ ඉදිකළ අන්දමට පවතින ප්‍රදේශවල මෙවැනි අනතුරු නිතර වාර්තා වන අතර ඒවා රක්ෂණය කර නැත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *