නොවැම්බර් 19, අද ලෝක වැසිකිලි දිනය

07 හැවිරිදි ඒරියම් ෂෙයික් වැසිකිලිය භාවිතා කර පිටතට පැමිණෙන අයුරු, මුම්බායේ රාසික් නගර් හී ඇති මේ වැසිකිලි දිය මත කණු උඩ හෝ පාවෙමින් තිබේ. PHOTO:UN Water

තිරසාර සනීපාරක්ෂාව සහ දේශගුණ වෙනස්කම්

සෑම වසරකම නොවැම්බර් 19 වෙනිදා ලෝක වැසිකිලි දිනය සමරන අතර එහිදී මනා සනීපාරක්ෂක පහසුකම්වලින් තොරව ජීවත්වන ලෝ වැසියන් බිලියන 4.2ක් හෙවත් සමස්ත ලෝක ජනගහනයෙන් අඩකට වැඩි පිරිසක් පිළිබඳවද කතා කරනු ලැබේ. තිරසාර සංවර්ධන අරමුණක් වන වසර 2030දී සැමට ජලය සහ සනීපාරක්ෂාව යන්න දිනා ගැනීමටත්, ගෝලීය සනීපාරක්ෂක අර්බුදය ලිහා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීමත් මෙහිදී අපේක්ෂා කෙරේ.

මේ වසරේ ලෝක වැසිකිලි දින තේමාවෙන් අවධාරණය කරන්නේ “තිරසාර සනීපාරක්ෂාව හා දේශගුණ වෙනස්කම්” යන්නයි.  දේශගුණ වෙනස්කම් නිසා ගංවතුර, ඉඩෝරය, මුහුදේ ජල මට්ටම ඉහළ යාම වේගවත් වන අතර එය වැසිකිලිවල සිට සෙප්ටික් ටැංකි සහ ප්‍රතිචක්‍රීයකරණ ඒකක දක්වා සියලු පද්ධතිවලට තර්ජනයකි.  ගංවතුර පානීය ජලය සපයාගන්නා ලිංවලට එක්වීම හෝ ගංවතුරෙන් වැසිකිලි පද්ධතිවලට හානි සිදු වී මිනිස් මළ ප්‍රජාවන් වෙත හෝ ආහාර වගා බිම් වෙත ගලා ගොස් මරණීය ආසාදන ඇතිවීමට පුලුවන.

කොවිඩ් 19, කොළරාව, ටයිපොයිඩ් වැනි භයානක රෝගවලින් ආරක්ෂා වීම සඳහා මෙන්ම යහපත් සෞඛ්‍යයක් පවත්වා ගනිමින් අප අතර මරණීය රෝග කාරක ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා ඇතුළත පිරිසිදු ජලය සහ අත් සේදීමේ පහසුකම් සහිත තිරසාර සනීපාරක්ෂක පද්ධතියක් සියලු දෙනා වෙත තිබිය යුතුය.

ඔබ දන්නවාද, 

ලෝක ජනගහණයෙන් අඩකට වැඩි පිරිසක් හෙවත් බිලියන 4.2කට නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැත.

ලෝක ජනගහණයෙන් සියයට 40ක් හෙවත් බිලියන තුනක් මිනිස්සු  ජීවත්වන්නේ නිවෙස්වල සබන් සහ ජලය සමග අත්සේදීමේ මූලික පහසුකම් රහිතවය.

අපිරිසිදුකම, ඌණ සනීපාරක්ෂක පහසුකම්, අපිරිසිදු ජලය පානය ආදිය නිසා දිනකට 800 බැගින්  අවුරුදු 05ට අඩු දරුවන් 297000ක් අවුරුද්දකදී මරණයට පත් වේ.

ගෝලීයව අපජලයෙන් සියයට 80ක් උත්පාදනය වන්නේ  නැවත පරිහරණය හෝ ප්‍රතිකර්ම යෙදීමෙන් තොරව ඒවා පරිසරයට මුදාහරින මිනිස්සු නිසාය.

වසර 2050 වනවිට අඩුම තරමින් වසරේ එක් මාසයක්වත් ජලය ඉතා හිඟවන ප්‍රදේශවල ජීවත්වීමට බිලියන 5.7ක් මිනිසුන්ට සිදුවන නිසා ජලය සඳහා උග්‍ර තරඟයක් ඇති වේ.

 

දේශගුණ විපර්යාසවලට එරෙහි සටනට වැසිකිලි දායක වෙනවාද?

දේශගුණ විපර්යාසවලට එරෙහි සටනේදී අපිට උදව් වෙන්නටත් වැසිකිලිවලට පුලුවන්.  වැසිකිලිවලින් පිටවන අපජලය සහ ගොහොදුවල වටිනා සම්පතක් වන ජලය, පෝෂක සහ ශක්තිය අඩංගුය. තිරසාර සනීපාරක්ෂක පද්ධති කෘෂිකර්මාන්තය ආරක්ෂිතව ප්‍රවර්ධනය සඳහා අපද්‍රව්‍ය ඵලදායීව භාවිතය සහ හරිතාගාර ආචරණයට බලපාන විමෝචන අඩුකිරීම හා ග්‍රහණයත් සිදු කරයි.

නමුත්, තිරසාර සනීපාරක්ෂක පද්ධතියක් කියලා හරියටම කියන්නේ කුමක්ද? තිරසාර සනීපාරක්ෂාව කියන කතාව ආරම්භවන්නේ මිනිස් මළමූත්‍ර ඵලදායීව එකතු කිරීම සඳහා ආරක්ෂිත, ගරු කටයුතු හා ප්‍රවේශ පහසුව සහිත වැසිකිලි කට්ටල භාවිතය සමග.  ටැංකියකට එකතු වූ මිනිස් මළ පසුව බැහැර කරන්නන් විසින් හිස් කිරීමෙන් හෝ නළ මඟින් වෙනත් ප්‍රදේශයකට යැවීමෙන් මෙය ආරම්භ විය.

එහි මීළඟ පියවර වූයේ ප්‍රතිකර්ම යොදා ආරක්ෂිතව බැහැර කිරීමයි. මිනිස් අපද්‍රව්‍ය ආරක්ෂීතව නැවත භාවිතය  ජල සංරක්ෂණයට උපකාර වීම, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම, කෘෂීකර්මාන්තය සඳහා පහසු ජල හා පෝෂක සැපයුමක් ලබාදීම සිදු කරයි.

පස්සරදී ලෝක වැසිකිලි දින සැමරුමක්

අද පස්සර මාඋස්සාගොල්ල විහාරස්ථානයේ පැවති ලෝක වැසිකිලි දින සැමරුම සංවිධානය කළේ නියුක්ලියස් පදනම මගිනි.  එහිදී ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව,  පස්සර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ බදුල්ල රතුකුරුස සංවිධානය සහය දුන් අතර මාඋස්සාගොල්ල, කණවැරැල්ල, බිබිලේගම නැගෙනහිර හා බටහිර ගම්වාසීන් තිරසාර සනීපාරක්ෂාව ගැන දැනුවත් කිරීම සිදුවිය. දැනුවත් කිරීම සඳහා එක්ව සිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ආර්. රාජතුරෛ සහ ෆර්මීන් නිජාර්දීන් ය. නියුක්ලියස් පදනමේ වැඩසටහන් කළමනාකරු ෆිලික්ස් රත්නසේකර සහ වැඩසටහන් සම්බන්ධීකාරක බදුල්ල ජීවන් කොඩිතුවක්කුද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් සඳහන් කළේ තෝරාගත් 168දෙනෙකු වෙත සෞඛ්‍යාරක්ෂිත වැසිකිලි ඉදිකර ගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීම සම්බන්ධීකරණය කරමින් තිරසාර සනීපාරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමට හැකි වූ බවයි. නියුක්ලියස් පදනම මගින් දියත් කර ඇති ප්‍රජා සත්කාරක සේවා සඳහා මූල්‍ය දායකත්වය සපයන්නේ යුරෝපා සංගමයයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් අනුගමනය කළ යුතු සනීපාරක්ෂක පිළිවෙත්වලට අනුව අදියර 03ක් ඔස්සේ ගම්වාසීන් කැඳවා කරන ලද දැනුවත් කිරීමේදී වැසිකිලි නිසි ලෙස භාවිතා කිරීමට අදාල ආකල්ප සංවර්ධනයක් සිදු කෙරුණු අතර ඊට සහභාගිව සිටි මාඋස්සාගොල්ල පාසලේ විදුහල්පතිවරයා පැවසුවේ පාසල් දරුවන් මගින්ද මෙම යහ පණිවිඩය සමාජ ගත කිරීමට අපේක්ෂා කරන බවයි.  සිය ගම්වල ඇතමෙකු තවමත් වළ වැසිකිලිද භාවිතා කරන අතර නියමානුකූල වැසිකිලි තනා ගැනීමට රුපියල් 50000ක මූලික ප්‍රාග්ධනයක් ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින් ලබාදීම සම්බන්ධීකරණය කරමින් අදාල දැනුවත් කිරීම් සිදුකරන නියුක්ලියස් පදනමට කෘතඥ වන බව ගම්වාසීහු පැවසුහ.

 

ලසන්ත ද සිල්වා

 

 

 

 

 

 

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *