පන්දම් එළි සමග ජන විරෝධය යාපනයට

නැගෙනහිර පළාතේ පොතුවිල් සිට යාපනය පොලිකණ්ඩි දක්වා ගමන් කළ P2P දෙමළ ජන විරෝධතාව අද (07) යාපනය නගරය වෙත පැමිණුනි. විරෝධතාකරුවන් බොහෝ දෙනෙකු ගිනි පන්දම් රැගෙන පැමිණෙන අන්දම දක්නට ලැබුණි.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදන් වූවන් පිළිබඳ ගැටලු විසඳීම, දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු මෙන්ම මුස්ලිම් ජනයාගේ මෘත දේහ ආදාහනය කිරීම වැනි ගැටලුද විරෝධතාකරුවන්ගේ මාතෘකා බවට පත්ව තිබුණි. ආණ්ඩුවේ මර්ධනයට එරෙහි විරෝධතාවයට එක්වන ලෙසට දෙමළ දේශපාලන පක්ෂ කර තිබූ ඉල්ලීමට සහය දෙමින් මුස්ලිම් ජනයාද විරෝධයට එක්ව සිටියහ.

විරෝධතාව නගරයට පැමිණි අවස්ථාවේ යාපනයේ ආරක්ෂාව දැඩි කොට තිබූ අතර දෙමළ හා මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පා ගමනට එක්ව සිටියහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *