පන්දහස ඉල්ලා මාරවිල මහවැව උද්ඝෝසන

රුපියල් පන්දහසේ දීමනාව නොලැබුණු බව පවසමින් මාරවිල, මහවැව ප්‍රදේශවාසින් පිරිසක් අද ( 16 ) මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටකරමින් උද්ඝෝසනයක නිරත වූහ. උද්ඝෝසනයට එක්ව සිටි පිරිස ප්‍රකාශ කලේ දිවයිනේ වෙනත් ප්‍රදේශවල පන්දහසේ දීමනාව ගෙවා තිබියදී   මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයට අයත් ගම් තුනකට අයත් පවුල් පන්සියයකට පමණක් මේ මුදල ගෙවා නොමැති බවයි.  මේ දක්වා මුදල් නොගෙවීම හේතුවෙන්  ඒවා ආපසු හරවා යැවීමට නියමිත බව  නාත්තන්ඩිය ප්‍රදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නන්දන මුණසිංහ මහතා පැවසූ අතර ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කීප දෙනෙකුම උද්ඝෝසනයට එක්ව සිටීම විශේෂත්වයකි . අවස්ථා කීපයකදී  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළට පිවිසීමට උද්ඝෝසකයන් උත්සාහ ගත් නමුත්   දැඩි පොලිස් රැකවල් හේතුවෙන් ගැටුමක් සිදු වූයේ නැත.
මහවැව සමෘද්ධි කළමනාකරු ප්‍රකාශ කලේ  දෙවන අදියරේදී පන්දාහේ දීමනාව තවත් පවුල් පන්සිය අසුපහක් සඳහා ගෙවිය යුතු නමුත් අදාල කමිටු සාමාජිකයන් අත්සන් නොකිරීම හේතුවෙන් එය ලබාදීම පමාවන  බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *