පරිප්පු මිටක් ගේන්න කඩයට ගිය අහිංසකයා අලියාට බිලි

කල්තොට- බුදුගල සෝමරතන හිමි

බළන්ගොඩ කොන්ගහමංකඩ ප්‍රදේශයේදි ඊයේ (10) සවස වන අලියෙක් පහර දිමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇති බව කල්තොට පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයි.එම්.ඩිංගිරි බණ්ඩා නම් වන වයස අවුරුදු 62ක් පමණ වන තැනැත්තෙකි. එමෙන්ම ඔහු ගැහැණු දරුවන් හය දෙනෙකුගේ පියෙකි. පෙරේදා ප.ව.6.30 ට පමණ මිය ගිය පුද්ගලයා තම නිවසේ සිට අඩි පාර දිගේ කොන්ගහමංකඩ බෝධිය අසළ කඩයට ගොස් ඇත. ඒ යන අතර මග විදුලි වැටට උඩින් පැමිණ ඇති වන අලියා ඔහුට පහර දි ඇති බව ප්‍රදේශවාසිහු පවසති. හෙට (12) දින ආරම්භ වන උසස් පෙළ විභාගයට මුහුණු දිම සඳහා මිය ගිය පුද්ගලයාගේ බාල දියණිය ද සුදානමින් සිට ඇත. මිය ගිය පුද්ගලයාගේ දේහය ඊයේ (10) රාත්‍රි 10.00ට පමණ කල්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඩබ්.ටි.එස් හපුගස්වත්ත මහතාගේ මැදිහත් විමෙන් කල්තොට හදිසි මරණ පරීක්ෂක සුනිල් අමරසිංහ මහතාගේ දැනුවත් කිරිම මත පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කහවත්ත මුලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.
මෙකි පුද්ගලයා මිය යෑමට මොහොතකට කළින් ඒ ආසන්නයේ නිවසක කුඩා දරුවන් දෙදෙනෙකුද කඩයට ගොස් ආපසු නිවසට පැමිණ ඇත. ඒ අතර විදුලි වැට අයිනෙ වන අලියා සිටින බවද එම දරුවන් දැක ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වු ප්‍රදේශවාසිහු පවසන්නේ මිට වසර 10ට පමණ කලින්ද මෙම ප්‍රදේශයේම පුද්ගලයෙක්ද මෙසේ වන අලියෙක් පහර දිමෙන් මිය ගොස් ඇති බවයි.වසර ගණනක සිට උඩවලව රක්ෂිතයේ වන අලි මෙසේ තම ගමට පැමිණ කුඹුරු, කෙසෙල්, පොල්,ආදි සියලු වගාවන් විනාශ කරන බව ද ඔවහු පවසති. දැනට පවතින විදුලි වැටෙහි සුර්ය කෝෂ පැනල් මගින් ලබා දෙන විදුලිය ප්‍රමාණවත් නොවන බවත් තාවකාලිකව හෝ මිට විසදුමක් සඳහා එහි විදුලිය වැඩි කර ලබා දිය යුතු බවත් මාර්ගයට විදි ලාම්පු කිහිපයක් හෝ සවි කිරිමෙන් අලියා මාර්ගයේ සිටියොත් ඈත දිම පෙනෙන නිසා මෙවැනි ජිවිත හානි වළක්වා ගැනිමට හැකි වන බවත් ඔවුහු වැඩි දුරටත් පවසති.එනිසා ඉතා ඉක්මනින් මේ ප්‍රදේශයට විදි ලාම්පු කිහිපයක් සවි කර දෙන ලෙස ප්‍රදේශවාසින් අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *