පවුලටම මරණය ගෙනා බූවැලිකඩ අවාසනාව

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් අද (20) අලුයම 5.00 ට පමණ ගිලා බැසීමකට ලක්ව ඊට පහළින් වූ හෝටලයක් මතට කඩා වැටීමෙන් එම හෝටලයේ හිමිකරු, ඔහුගේ බිරිඳ හා මාස දෙකක් වයසැති දරුවා මරණයට පත්ව තිබේ.
සංඝමිත්තා මාවතට යාබඳව පිහිටි පස් මහල් ගොඩනැගිල්ලේ ප්‍රවිශ්ඨ දොරටුව හැර සම්පූර්ණ ගොඩනැගිල්ලම කඩා වැටී තිබෙන අතර එහි හිමිකරු බිරිඳ හා දරු තිදෙනා සමඟ අලුයම 3.00 ට පමණ ඉන් පිටව ගොස් තිබෙන බව පොලීසිය පවසයි.
අධික බෑවුම් සහිත ස්ථානයක ඉදිකර තිබූ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේදී එහි සුන්බුන් ඊට පහළින් වූ තවත් ගොඩනැගිලි දෙකක් මතට වැටී තිබෙන බවත් මියගොස් ඇත්තේ එම ගොඩනැගිලි දෙකින් එකක පදිංචිව සිටි තිදෙනෙකු බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.
මියගිය පුද්ගලයා අදාළ ගොඩනැගිල්ලේ හෝටලයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් එහි කාමර දෙකක බිරිඳ හා දරුවා සමඟ එම පුද්ගලයාත් තවත් කාමරයක බිරිඳගේ මව හා කාන්තාවක සිට ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ චමිල ප්‍රසාද් (35),අචලා ඒකනායක (32) හා ඔවුන්ගේ දෙමසක් වයසැති දරුවා බවට පොලීසිය හඳුනාගෙන ඇත.
මියගිය අචලා ඒකනායක නැමැති අය නීතීඥවරියක වන අතර ඇය විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියකි. මියගිය අය හෝටලය පවත්වාගෙන යන අතරතුර එහි කාමර දෙකක පදිංචිව සිට තිබෙන බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් මිය ගිය යුවල

මම හෝටලයේ වැඩකරන දුවත් එක්ක හෝටලයේ කාමරයේ නිදාගෙන හිටියා. එහා කාමරයේ පුතයි දුවයි දරුවයි නිදාගෙන හිටියා. උදේ පහට විතර පොළව දෙදරගෙන ලොකු සද්දයක් ආවා. මොනවත් පෙනුනේ නැහැ.අපේ කාමරේ බිත්ති කඩාගෙන ඇඳ ළඟටම හේත්තු වෙලා තිබුණේ.හතර වටේ මොකුත්ම පෙනුනේ නැහැ.ඇඳ ළඟ තිබුණ ෆෝන් එක අතට අහුවුණා.ඒකෙන් 119 අංකයට ඇමැතුමක් අරන් ගේ කඩාගෙන වැටුනා කියලා කිව්වා. වෙලාව පහට විතර ඇති. ඊට ටික වේලාවකට පස්සේ පොලීසිය එතන්ට ආවා. ලණුවකින් කට්ටියක් අපි හිටපු තැනට බැහැලා ඒ ලණුවල ගැටගහලා අපිව උඩට ගත්තා. පුතයි දුවයි දරුවයි හිටපු කාමරේ සම්පූර්ණයෙන්ම යටවෙලා. මියගිය අචලා ඒකනායකගේ මව වන ජයන්ති ඒකනායක (60) මහත්මිය පැවසුවාය.
ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු ඔහුගේ පවුලේ උදවිය සමඟ අවට කිසිවකුට හෝ අනතුරු ඇඟවීමක් නොකර පිටව ගොස් තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේය.

Updates..

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් ඊයේ (20) අලුයම 5.00 ට පමණ ගිලා බැසීමකට ලක්ව ඊට පහළින් වූ හෝටලයක් මතට කඩා වැටීමෙන් එම හෝටලයේ හිමිකරු,ඔහුගේ බිරිඳ හා මාස දෙකක් වයසැති දරුවා මරණයට පත්ව තිබේ.
සංඝමිත්තා මාවතට යාබඳව පිහිටි පස් මහල් ගොඩනැගිල්ලේ ප්‍රවිශ්ඨ දොරටුව හැර සම්පූර්ණ ගොඩනැගිල්ලම කඩා වැටී තිබෙන අතර එහි හිමිකරු බිරිඳ හා දරු තිදෙනා සමඟ අලුයම 3.00 ට පමණ ඉන් පිටව ගොස් තිබෙන බව පොලීසිය පවසයි.

එම ගොඩනැගිල්ල හිටපු බස්නායක නිළමේවරයෙකුගේ වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ඔහුගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබේ.
අධික බෑවුම් සහිත ස්ථානයක ඉදිකර තිබූ පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේදී එහි සුන්බුන් ඊට පහළින් වූ තවත් ගොඩනැගිලි දෙකක් මතට වැටී තිබෙන බවත් මියගොස් ඇත්තේ එම ගොඩනැගිලි දෙකින් එකක පදිංචිව සිටි තිදෙනෙකු බවත් මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.
මියගිය පුද්ගලයා අදාළ ගොඩනැගිල්ලේ හෝටලයක් පවත්වාගෙන ගොස් තිබෙන බවත් එහි කාමර දෙකක බිරිඳ හා දරුවා සමඟ එම පුද්ගලයාත් තවත් කාමරයක බිරිඳගේ මව හා කාන්තාවක සිට ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මියගිය යුවළගේ දියණියගේ සිරුර සිද්ධියෙන් පැය තුනකට පසු පිටතට ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව,පොලීසිය හා මහනුවර ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් සමත් වූහ.පැය නවයක පමණ මෙහෙයුමකින් පසු සුන්බුන් අතර සිරවී සිටි යුවළ පිටතට ගැනීමට හැකිවිය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ චමිල ප්‍රසාද් (35),අචලා ඒකනායක (32) හා ඔවුන්ගේ දෙමසක් වයසැති දරුවා බවට පොලීසිය හඳුනාගෙන ඇත.මියගිය අචලා ඒකනායක නැමැති අය නීතීඥවරියක වන අතර ඇය විවෘත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියකි.මියගිය අය හෝටලය පවත්වාගෙන යන අතරතුර එහි කාමර දෙකක පදිංචිව සිට තිබෙන බව පොලීසිය පවසයි.සිද්ධිය සැලවීමත් සමඟ මධ්‍යම පළාත් අණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාද එම ස්ථානයට ගිය අතර මෙම ගොඩනැගිල්ල අනවසර එකක්ද නැද්ද යන්න සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන බව හෙතෙම ප්‍රකාශ කළේය.
කඩා වැටුණු ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ නිම්නයක බවත් මෙය ස්වභාවික නාය යෑමක්ද ඉදිකිරීමේ ප්‍රමිතියේ පවතින අඩුපාඩුවක් නිසා සිදුවූවක් යන්න සම්බන්ධව පරීක්ෂණ සිදුකරන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මහනුවර දිස්ත්‍රික් භාර භූවිද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා කීය.
මියගිය සැමියා හා බිරිඳ කඩා වැටුණු ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් බීම් කණුවකට හා බිත්තියකට යටවී සිටි බවත් එම කොන්ක්‍රීට් කණුව කපා සිරුරු පිටතට ගත් බවත් මහනුවර නාගරික ගිනි නිවීම් ඒකකයේ නායක ගිනි භට සී.එස් පෙරේරා මහතා පැවසුවේය.
මම හෝටලයේ වැඩකරන දුවත් එක්ක හෝටලයේ කාමරයේ නිදාගෙන හිටියා.එහා කාමරයේ පුතයි දුවයි දරුවයි නිදාගෙන හිටියා.උදේ පහට විතර පොළව දෙදරගෙන ලොකු සද්දයක් ආවා.මොනවත් පෙනුනේ නැහැ.අපේ කාමරේ බිත්ති කඩාගෙන ඇඳ ළඟටම හේත්තු වෙලා තිබුණේ.හතර වටේ මොකුත්ම පෙනුනේ නැහැ.ඇඳ ළඟ තිබුණ ෆෝන් එක අතට අහුවුණා.ඒකෙන් 119 අංකයට ඇමැතුමක් අරන් ගේ කඩාගෙන වැටුනා කියලා කිව්වා.වෙලාව පහට විතර ඇති.ඊට ටික වේලාවකට පස්සේ පොලීසිය එතන්ට ආවා.ලණුවකින් කට්ටියක් අපි හිටපු තැනට බැහැලා ඒ ලණුවල ගැටගහලා අපිව උඩට ගත්තා.පුතයි දුවයි දරුවයි හිටපු කාමරේ සම්පූර්ණයෙන්ම යටවෙලා.මියගිය අචලා ඒකනායකගේ මව වන ජයන්ති ඒකනායක (60) මහත්මිය පැවසුවාය.
ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු ඔහුගේ පවුලේ උදවිය සමඟ අවට කිසිවකුට හෝ අනතුරු ඇඟවීමක් නොකර පිටව ගොස් තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *