පහන් දල්වා කොටි මහවිරු සැමරුමට එක්වන්න – උතුරේ පක්ෂ ජනයාගෙන් ඉල්ලති

නොවැම්බර් 27 වෙනිදා පස්වරු 06.05ට උතුරු පළාතේ සෑම නිවෙසකම පහනක් දල්වා මියගිය කොටි සාමාජිකයන් සැමරීමට එක්වන මෙන් උතුරේ දේශපාලන පක්ෂ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.  පිරිස් ඒකරාශී කරගනිමින් මහවිරු සැමරුම් පැවැත්වීමෙන් වළකින ලෙසට අධිකරණය නියෝග කර ඇති නිසා මෙවැනි ඉල්ලීමක් සිදු කරන්නට ඇතැයි ආරක්ෂක අංශ පවසති.

ඉලංගෙයි තමිල් අරසු කච්චි නායක මාවෛ සේනාධිරාජා, ඊ.පී.ආර්.එල්.එෆ් නායක සුරේශ් ප්‍රේමචන්ද්‍ර, දෙමළ ජාතික පක්ෂ නායක ශ්‍රී කාන්තන්, එම්.කේ ශිවාජිලිංගම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරවනභවන් හා උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පැවති සාකච්ඡාවකදී ජනයාගෙන් මෙම ඉල්ලීම සිදු කිරීමට තීරණය කර ඇති බවද ආරක්ෂක අංශ පෙන්වා දෙති.

කොටි නායක ප්‍රභාකරන් එකල මහවිරු දින සැමරුම සිදු කළේ දකුණේ ජනසංහාර හා ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරමිනි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *