ප්‍රේමලාල් ජයසේකරගෙන් ඇපෑලක්

මරණ දඬුවම නියම වු  හිටපු රාජ්‍ය ඇමති ප්‍රේමලාල්  ජයසේකර වෙනුවෙන් අභියාචනා පෙත්සමක් අද 4 වනදා රත්නපුර පළාත්බද අභියාචනාධිකරණය හමුවට   ඉදිරිපත් කළ බව වාර්තා වේ.  ජනාධිපති නීතීඥ  අනිල් ද සිල්වා මහතාගේ උපදෙස් අනුව නීතීඥ චන්දික  පිරිස් සහ නීතීඥ ටි.එම්. ජනක සුමේධ යන මහත්වරු මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කළහ.

1979  අංක 15 දරණ අපරාධ නඩු විධාන පනතේ 331(1)  වගන්තිය ප්‍රකාරව මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබේ.  පසුගිය 2015 වසරේ ජනවාරි 05 වනදා කහවත්ත නගරයේ දි එවක ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  ප්‍රචාරක රැස්වීමක සැරසිලි කරමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවෙකු වෙන සුනිල් පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ මහතාට වෙඩි තබා ඝාතනය කිරිම සහ එ.ජා.ප ආධාරකරුවන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරිම නීති විරෝධී ජන රාශියක සාමාජිකයින් වීම ඇතුළු අධි චෝදනා  මත ප්‍රේමලාල් ජයසේකර, හිටපු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපති වජිර දර්ශන ද සිල්වා යන මහත්වරුන්ට රත්නපුර හිටපු මහාධිකරණ විනිසුරු රොහාන් ජයසුරිය  මහතා විසින් ඉකුත් 31 වනදා මරණ දණ්ඩනය නියම කළේය

තුන්වැනි විත්තිකරු වු ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් පමණක් අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *