ප්‍රේමලාල් ජයසේකර තීන්දුව සහ රත්නපුරේ ඡන්ද උණුසුම

2015 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂක ලෙස මෙත්‍රිපාල සිරිසේන ඉදිරිපත් වු අවස්ථාවේදී කහවත්ත නගරයේ ජන රැලියක සැරසිලි කරමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරිම සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරිම ඇතුළු අධිචෝදනාවලට පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තිදෙනෙකු වරදකරුවන් කරමින් රත්නපුර මහාධිකරණය විනිසුරු රොහාන් විජයවර්ධන මහතා විසින්  මරණිය දණ්ඩනය නියම කළේය රත්නපුර    අංක එක  මහාධිකරණයේ දි ඊයේ (31) පස්වරුවේ පිටු 400කට අධික තීන්දුව ඉදිරිපත් කරමින් විනිසුරුවරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය .   2015 වසරේ ජනවාරි 05 වනදා හෝ ඊට ආසන්න දිනයකදි කහවත්ත වැල්ලදුර පදිංචි සුනිල් ශන්ත පෙරේරා නොහොත් ශාන්ත දොඩම්ගොඩ නම් එක්සත් ජාතික පක්ෂ ආධාරකරු  වෙඩි තබා  ඝාතනය කිරිම,  කහවත්ත නගරයේ ව්‍යාපාරිකයෙකු වන ඩබ්ලිව් .කරුණාදාස  සහ කොළඹ පදිංචිකරුවෙකු වෙන  මොහොමඩ් හුසේන් යන දෙදෙනා ට වෙව් තබා තුවාල සිදුකිරිම, අයුතු ජන රාශිය ඇතුළු  අධි චොදනා සැකකරුවන්ට එරෙහිව  ඉදිරිපත් කර තිබුණි

මරණිය දණ්ඩනය නියම්වු නිලන්ත  ජයකොඩි සබරගමු පළාත් සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙක් වන අතර කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන ද සිල්වාටද මරණ දණ්ඩනය නියම කෙරුණි. මෙම නඩුවේ ලඝු නොවෙන ව්භාගය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී සිදු කෙරුණි.එහිදී මුලින්ම සැකකරුවන් හත් දෙදෙනෙකු  නඩුවට කැඳවනු ලැබිය . ඊයේ මරණිය දණ්ඩනය නියමවු තිදෙනා හැර සෙසු සැකකරුවන් නඩු ව්භාගය අතරේදි නිදහස් කරනු ලැබිය . පොදු අපේක්ෂක මෙත්‍රිපාල සිරිසේන මහතා ගේ ජන රැළිය සංවිධානය කළ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් කිහිප දෙනෙකු සහ සිද්ධිය වු 2015 ජනවාරි 05 වනදා කහවත්ත නගරයේ රාජකාරි සිදු කළ පොලිස්  නිලධාරීයෙකු ද මෙම නඩුවේදී සාක්කි දුන්නේය.

ඝාතනය කෙරුණු  සුනිල් ශාන්ත පෙරේරා ගේ පාර්ශ්වය ට රුපියල් ලක්ෂ හයක් සහ රජයේ ගාස්තු රුපියල් ලක්ෂය බැගින් ද ගෙවිමට මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියෝග කළේය.                                      ඊයේ පස්වරු 6.30 වනතෙක් දඩුවම් නියමවු තිදෙනා බන්ධනාගාරයට රැගෙන නොගිය අතර ප්‍රේමලාල් ජයසේකර මහතා ගේ ආධාරකරුවන් ව්ශාල පිරිසක් අධිකරණය ඉදිරිපිට ඒකරාශි වි සිටියහ .  පොලිස් සහ පොලිස් ව්ශේස කාර්‍ය බලකායද ආරක්ෂාව තර කරමින් අධිකරණය ඉදිරියට කැදවා තිබුණි .   

රත්නපුරෙන් ප්‍රේමලාල් දිනයිද?

මරණ දණ්ඩනය දුන් තීන්දුව සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ඇපෑලක් ගොනු කරන බව විත්තිකරුවන්ගේ පාර්ශවයෙන් දැනටමත් කියා ඇත. ඒ අතර ප්‍රේමලාල් ජයසේකරගේ දියණිය දේශපාලනයට සම්බන්ධ වන බවට කටකතාවක්ද රත්නපුර ජනතාව අතර පැතිර යමින් තිබේ. ඊයේ ඔහුට මරණ දණ්ඩනය නියම කෙරුණේ අගමැති මහින්ද රාජපක්ෂ සිය පක්ෂයේ ආධාරකරුවන් දිරිගන්වමින් සහ ඔවුන්ට ඡන්දය දෙන්නැයි ජනයාට පවසමින් රැස්වීම් අමතන අතරවාරයේදී ය. ප්‍රේමලාල් ජයසේකර යනු 2015 මැතිවරණ පරාජය හමුවේ මහින්ද රාජපක්ෂ හැර නොගිය සහ ඔහු වෙනුවෙන් වැඩ කරන්නට උත්සාහ කිරීම නිසා මරණ දඬුවම උරුම වූවෙකි. දැන් ගැටලුව ඔහුගේ අනාගතය වැලිකඩ හෝ වෙනත් සිරගෙයක දිය වී යාද යන්නයි. මන්ද ඔහු මරා දමන්නට ජනාධිපතිවරයා අත්සන් තැබීම සිදු නොවෙනු ඇති බව ස්ථිර නිසාය. ඒ දැන් මෙරට ජනාධිපතිවරු මරණීය දණ්ඩන නියෝගවලින් බැහැරව සිටීම නිසා සහ බලයේ සිටින්නේ ඔහුගේ පක්ෂය වීම නිසාය. කෙසේවෙතත් රත්නපුරේ ජනයා ප්‍රේමලාල් ජයසේකර හෙවත් සිය ආදරණීය චොකා මල්ලි වෙනුවෙන් ඡන්දය භාවිතා කරනු ඇත. පසුගියවර ඔහු සිරගතව සිටියදී අතිවිශාල ඡන්ද ප්‍රමාණයකින් මන්ත්‍රී ධූරයකට පත් විය. මෙවරත් ඔහු දිනුවහොත් සිදුවනු ඇත්තේ කුමක්ද? අප ඒ සම්බන්ධව මැතිවරණ කොමිසමේ ඉහළම නිලධාරියෙකුගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ ව්‍යවස්ථාපිත නීතිය අනුව මරණ දණ්ඩනය නියම වූ ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බවයි. එහෙත් ඔහු ඇපෑලක් ගොනු කළ විට සිදුවන්නේ කුමක්ද? එහිදී නීතිවේදියෙක් අප හා පැවසුවේ ඇපෑලක් විභාග වනවිට ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යා හැකි බව සිතුවත් ඔහුට අදාල වන්නේ මිනීමැරුම් චෝදනාවක් වෙද්දී එය විභාග වනවිට ඇප ලබා නොදෙන බවයි. එම තත්ත්වය අනුව මාස තුනක කාලයක් පාර්ලිමේන්තු පැමිණීමට නොහැති වීමෙන් මන්ත්‍රී ධූරය අහෝසි වේ. අදාල නීතිවෙිදියාට අනුව එවැනි තත්ත්වයකට හිටපු මන්ත්‍රී සරත් ෆොන්සේකාද මුහුණ දුන්නේය.

එහෙත් තවත් නීතිවේදියෙකු අප හා සඳහන් කළේ එය තීරණය වන්නේ ඇපෑල විභාගයට ගැනීමට අදාලව ගතවන කාලය හා අපේක්ෂිත ඇප සමග ඇපෑල යොමු කරන්නේද යන සංකීර්ණ කාරණා මත බවත් පවතින දේශපාලන සන්දර්භය හා බොහෝ කාරණා ඊට අදාල වන බවත් ය. එසේම ප්‍රේමලාල් ජයසේකර යනු ජනප්‍රිය පුද්ගලයෙක් බවද ඔහු සිහිපත් කළේය.

කෙසේවෙතත්, සමස්තය තීරණය වන්නේ ජනතාවගේ ඡන්දය භාවිතා කිරීමද සමග වන අතර රත්නපුරේ සෙසු අපේක්ෂකයන්ද චොකා මල්ලි හිරේ යාම ගැන උනන්දුවෙන් සිටින අන්දම පෙනේ. ඔහුට පාර්ලිමේන්තු යෑමට නොහැකි වුවහොත් ලැයිස්තුවේ තව කාට හෝ පෙර පිනක් උදා වනු ඇත.

දෙතනගල සුමනපාල

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *