පූජ්‍ය පක්ෂයට අපහාස කිරීම යූ.එන්.පී පුරුද්දක්

ආගමික නායකයින්ට අපහාස කිරීම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇතමුන්ගේ පුරුද්දක් බවත් එදා මංගල ගිය මඟ අද හරීන් යමින් සිටින බවත් හිටපු රාජ්‍ය ඇමැති,ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අගරදගුරු ගරු මැල්කම් රංජිත් හිමිපාණන් වහන්සේ පක්ෂග්‍රාහීව කටයුුතු කළ බව කියමින් හරීන් ප්‍රනනාදු මහතා උන්වහන්සේට අපහාස කිරීම තරයේ හෙළා දකින බවද ඒ මහතා කීය.

මංගල සමරවීර මහතාට මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්වීමට වා සිදුවූයේ මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ට ඉතාමත් නිර්දය ආකාරයෙන් අපහාස කිරීම හේතුවෙන් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මැතිවරණ ව්‍යාපාරය තුළ සටන් පාඨ නොමැතිව අද මානසික විකෘතිභාවයෙන් පෙළෙන  එක්සත් ජාතික පක්ෂයේ හා ටෙලිෆෝන් පක්ෂයේ සාමාජිකයින් මේ රටේ ආගමික නායකයන්ට අපහාස කරන්නට පටන්ගෙන තිබෙන බවද ආගමික නායකයන්ට අපහාස කිරීමට තරම් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය බංකොලොත් මට්ටමට වැටීම පිළිබඳව කණගාටුවන බවද කී ඒ මහතා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වි සිටින මෙම මානසික විකෘති පුද්ගලයන් ඡන්දය දීමට තරම් නොවටිනා අය බවද අවධාරණය කළේය.

මුළු රටම සමස්ත ලෝකයම පිළිගන්නා ආගමික නායකයින්ට අභූත චෝදනා එල්ල කිරීම දැඩි පිළිකුලට හේතුවක් බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන රීක්ෂණවලදී මෙවැනි ප්‍රකාශ සිදුකරන පුද්ගලයන්ගේ දේශපාලන සගයන් නීතිය හමුවට ගෙන එතැයි බියෙන් ඔවුන් මේ ආකාර ප්‍රකාශ සිදුකරන බවට සැකයක් මතුවන බවත් රඹුක්වැල්ල මහතා කීය.

හරීන් ප්‍රනාන්දු සමඟ එක්ව දේශපාලනය කරන නැගෙනහිර ප්‍රදේශයේ වාර්ගික සගයා බේරා  ගැනීමට හරීන් නින්දිත උත්සහයක නිරත වන බවක් පෙනෙන්නට තිබෙන බවත් රටේ ජනතාව මේ පුද්ගලයන්ට මෙවර නිසි පිළිතුරු ලබාදෙනු ඇති බවත් හෙතෙම පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *