පේරාදෙණියේ මහාවංශ පුස්කොළ පොත ලෝක උරුම ලැයිස්තුවට
පේරාදෙණිය විශ්වවිද්‍යාල පුස්තකාලයේ ඇති මහා වංශය පුස්කොළ පොත යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම්කර කිරීමට තීරණය කර තිබේ.
මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුවකින් තොරව අන්තර්ගතව තිබෙන පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට පැමිණි යුනෙස්කෝ සංවිධාන නියෝජිතයින් ඒ පිළිබඳ සෑහිමකට පත්ව එය ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව දැනුම් දුන්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතා පවසයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පොත් එකතුවට වසර 100 ක් පපිරීම නිමිත්තෙන් ඊයේ (23) විශ්වවිද්‍යාල පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදී උපකුලපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහචාර්ය පරාක්‍රම කරුණාරත්න,පුස්තකාලාධිපති ආර්.මහේෂ්වරන් යන මහත්වරුද සහභාගි වූහ.