පොල්ගහවෙල සිට අතිරේක දුම්රිය
සාමාන්‍ය දිනවලට වඩා වැඩි පිරිසක් අද දිනයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණ සිටි අතර ඒ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා සඳහා පිටත්වයාම සඳහා ය. දුම්රියේ ගමන් කිරීම සඳහා පෙර ලියා පදිංචිය තහවුරු කළ මගින් සිටියේ 305ක් පමණි. එහෙත් පූර්ව ලියාපදිංචිය නොමැතිව දුම්රිය ස්ථානය වෙත මගීන් 600කට අධික පිරිසක් පැමිණ සිටීම හේතුවෙන් විශේෂ දුම්රියක් කොළඹ කොටුව බලා ධාවනය කිරීමට දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් කටයුතු කෙරුණු අතර ඒ අනුව පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා දුම්රිය දෙකක් ධාවනය විය.
කොවිඩ් වසංගත සමයේ ආරක්ෂිත පියවරක් ලෙස දුම්රිය ස්ථානයට පැමිණි සියලුම මගින් ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂාව ද සිදු කෙරිණි .