බගවන්තලාවේ කොවිඩ් ආසාදිත සිසුන් නොදැන පාසල් ගිහිල්ලා
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් ඊයේ (09) කොවිඩ් -19 ආසාදිතයින් 06 දෙනෙකු හමු වු බවත් ඒ අතර සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකුගේ ආශ්‍රිතයින් වූ සිසුන් 71 දෙනෙකු හා ගුරුවරුන් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බවත් බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසීය.
බගවන්තලාව චැපල්ටන් වතුයායෙන් පාසල් සිසුවා ඇතුළු තවත් අසාදිතයන් තිදෙනෙකුත් මෝරා සහ ටින්සින් යන වතුවලින් අනෙක් ආසාදිතයින් දෙදෙනාත් හමුවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා කීය.
අසාදිත පාසල් සිසුන් පසුගිය දින කිහිපයක්ම පාසැල් ගොස් තිබෙන බව අනාවරණය වීම නිසා එම සිසුවා අධ්‍යාපනය ලබන බගවන්තලාව හොලිරොසරි දමිළ මහා විද්‍යාලයේ 11 ශ්‍රේනියේ ළමුන් 71 දෙනෙකු සහ ගුරුවරුන් 10 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරීමට සිදුවූ බවත් ඒ මහතා පැවසුවේය.
මෙම පිරිස පි.සි.ආර් පරික්ෂණයට භාජනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද කදිරවේල් ජේ ගනේෂ් මහතා කියා කීවේය.
අසාදිතයන් 06 දෙනාම කොවිඩ් -19 වෛරසය අසාදනයවී බගවන්තලාව ප්‍රදේශයේදී මියගිය පුද්ගලයෙකුගේ ආශ්‍රිතයන් යැයි හෙතෙම ප්‍රකාශ කළේය.