බණ්ඩාරගමින් කොවිඩ් ආසාදිත 242ක්

මේ වනවිට හුදෙකලා කර ඇති අටලුගම ඇතුළු වසම් 07කින් වාර්තා වන කොවිඩ් 19 රෝගීන් 170 දෙනෙකු ඇතුළත්ව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් අද වනවිට වාර්තා වන සමස්ත කොව්ඩ් ආසාදිතයන් ගණන 242ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

අටලුගම ප්‍රදේශයේ වාර්තාවන රෝගීන්ගේ ඉහළ අගයත් සමග බණ්ඩාරගම නගරයේ ව්‍යාපාරිකයන්, ව්‍යාපාර ස්ථානවල සේවකයන් මෙන්ම පාරිභෝගික ජනයාද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට හා පී.සී.ආර් පරීක්ෂාවට භාජනය කර තිබේ.  ඇන්ටිජන් පරීක්ෂාවට භාජනය කළ බොහෝ දෙනාට වයිරසය ආසාදනය ව නැති බව තහවුරු වූ අතර පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රථිඵල ලැබීමට නියමිතය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *