බණ්ඩාරවෙල මාස්ක් වික්ක පදික වෙළෙන්දටත් කොවිඩ්

පදික වෙළෙඳුන් දෙදෙනෙකු ඇතුළුව පෙරේදා සහ ඊයේ පමණක් බණ්ඩාරවෙලින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන 09 කි. ඔවුන් අතර පොලිස් නිලධාරියෙකු, කිනිගම මැදහින්න ප්‍රදේශයේ කාන්තාවක, මාතැටිල්ල ප්‍රදේශයේ දෙදෙනෙකු, දියතලාව පොලිස්කන්දේ එක් අයෙකු, ඇල්ල කිතල්ඇල්ල පදිංචි ජනාධිපති මන්දිරයේ සේවය කරන පොලිස් විශේෂ කාර්ය බලකා භටයන් 03 දෙනෙකු හා දෙමෝදර ප්‍රදේශයේ දෙදෙනෙකුද වේ.

ආසාදිත පදික වෙළෙන්දන් දෙදෙනා මුඛ ආවරණ හා පාවහන් අලෙවි කළ අතර ඇතැම් අවස්ථාවල ඔවුන් මුව ආවරණ පළඳා නොසිටි බවද ජනතාව පවසති.  ආසාදිත පොලිස් රියදුරා හඳුනා ගැනීමෙන් පසුව ආශ්‍රිත පොලිස් නිලධාරීන් 48 දෙනෙකු පොලිස් ස්ථානයේම නිරෝධායනය කළ අතර ඔවුන්ගේ පළමු පී.සී.ආර් වාර්තාව නෙගටිව් ලෙස සඳහන් ව ඇත. එහෙත් එම සියලු දෙනා තවත් දින 07ක් නිරෝධායනයට යොමු කර ඇත.

මේ වනවිට බණ්ඩාරවෙල හා ආසන්න කලාපයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 17 කි. ඔවුන්ගේ සමීප ආශ්‍රිතයන් බිඳුණුවැව ඌව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබ ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *