බලංගොඩට අවුරුදු 26ක් මන්ත්රීවරයෙක් නැහැ, විලිලැජ්ජයි – ඉඹුල්පේ විජිතවංශ හිමි
ලෝකයේ ප්රථම අගමැතිවරිය බිහි කළ බලංගොඩ ජනයා අබුසාලි ඇමතිවරයාගෙන් පසු අවුරුදු 26ක් මන්ත්රීවරයෙකු පාර්ලිමේන්තුවට පත් කර යවන්නට නොහැකි වීම පිළිබඳ විලිලැජ්ජා විය යුතු බව ඉඹුල්පේ විජිතවංශ හිමියෝ පවසති.
මෙලෙස බලංගොඩට වසර විසිහයක් මන්ත්රීවරයෙකු අහිමි වන්නට හේතුව වමේ කඳවුර බලංගොඩ ආසනයෙන් ඡන්දය ඉල්ලීමේදී දෙකට බෙදීම බවද විජිතවංශ හිමියෝ බලංගොඩ බැංකියාවත්තේ පැවති රැස්වීමක් අමතමින් පැවසූහ. “පහුගිය ඡන්දවලදී එල්ලාවලලා ඉල්ලද්දීීී ඒ කඳවුරෙන්ම භානු මුණිප්රිය හරි තව කවුරු හරි ඉල්ලනවා. ආං එතකොට ඡන්දෙ දෙකට බෙදෙනවා. මොකද වෙන්නෙ බලංගොඩ ආසනයෙන් වමේ කඳවුරේ කවුරුවත් පාර්ලිමේන්තු යන්නේ නැහැ. මේ ආසනයේ ඡන්දවලින් සැළකිය යුතු කොටසක් දෙමළ, මුස්ලිම් ඒ අයත් බලාපොරොත්තු වෙනවා මේ පාර අවංක වමේ කෙනෙකුට ඡන්දය දෙන්න. අපි දන්නව සිඩ්නි එල්ලාවල, නන්ද එල්ලාවල, නාලන්ද එල්ලාවල, මොහාන් එල්ලාවල වමේ කඳවුරේ අය. මේ අය ගැන තමයි ඒ කාලෙ ඉඳලා ජනතාව අපේක්ෂා තියාගෙන හිටියෙ ඒ කාලේ. ආං ඒ අපේක්ෂාව නිසා ඒ හැමෝම මේ පාර එල්ලාවල පරම්පරාවේ අකිලව විශ්වාස කරනවා.” යැයිද ඉඹුල්පේ විජිතවංශ හිමියෝ මෙහිදී පැවසූහ.
බලංගොඩ ආසනයේ විහාරස්ථාන එකසිය විස්සෙන් එකසිය දහඅටක් බලංගොඩ ආසනයට මන්ත්රීවරයෙකු දිනා ගැනීම සඳහා වමේ කඳවුරට එක් වී සිටින බවද මෙහිදී පැවසූ ඉඹුල්පේ විජිතවංශ හිමියෝ අවධාරණය කළේ මූනිච්චාවට මළ ගෙවල්වල එන මිනිසෙකු වෙනුවට ජනතාව උදෙසා සැබෑ මෙහෙවරක් සිදු කරන නායකයෙක් පත් කළ යුතු බවද ඒ වෙනුවෙන් කඩේ වැඩීමට වුවද සූදානම් මහා සංඝරත්නයේ අපේක්ෂාව රටේ අහිංසක ජනයා වෙනුවෙන් කැපවීම බවද පැවසූහ.