බලංගොඩ ඉස්කෝලෙ ඔන්ලයින් පාඩමට කුණුහරුප එවලා
සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
බලන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක පාසල් දරුවන් සඳහා මාර්ගගත (online) ක්‍රමයට (Zoom) තාක්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරන අවස්ථාවෙිදි දරුවන්ගේ ජංගම දුරකතන වෙත WhatsApp මගින් අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති බව පවසා එම පාසලේ පංති භාර ගුරුතුමිය විසින් අද (21) දා පැමිණිල්ලක් කර ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.
එම පංතියේ ඉගෙනුම ලබන දරුවන් 50 දෙනෙකු සහ ගුරුවරුන් 23 දෙනෙකු එකතු කරගනිමින් WhatsApp කණ්ඩායමක් සකස් කර දරුවන්ට ඉගැන්විම කටයුතු කරන බවත් එලෙස උගන්වන අවස්ථාවෙිදි කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් එම WhatsApp සමූහය වෙත අසභ්‍ය විිඩියෝ දර්ශන සහ අසභ්‍ය ජායාරූප එවා ඇති අතර දරුවන් පනස් දෙනාගේ සහ ගුරුවරුන් ගේ ජංගම දුරකතන වලට එම දර්ශනය එකම වෙිලාවෙිදි පැමිණි ඇති බවත් එම පැමිණිල්ලේ සදහන් බව පොලිසිය පැවැසීය.
මෙිි සමිබන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිසමි සභාවේ දුරකතන විශ්ලේෂණය ලබා ගෙන එම අපරාධය සිදු කළ අය හදුනාගෙන නිිතිමය කටයුතු සිදු කිරිමට පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. බලන්ගොඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එමි.මයුරසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙිි සමිබන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙි.