බලන්ගොඩ ග්‍රාම නිලධාරි වසමි පහක නාය යෑමේ අවදානමක් 

බලන්ගොඩ   සමිපත්  ප්‍රියනන්දන 

බලන්ගොඩ  ප්‍රාදේශිය ලේකම් බල  ප්‍රදේශයට   අද  (18) දා අළුයම  සිට   පවතින  අධික  වර්ෂාවත්  සමග   ජාතික ගොඩනැගිලි පර්යේෂණ  ආයතනය  මගින්  නාය  අවදානම්  කලාප  ලෙස නමි  කර  ඇති ග්‍රාම සේවා  වසමි  පහකට  අයත්   ජනතාව   විමසිල්ලෙන් සිටින්නැයි  බලන්ගොඩ ප්‍රදේශිය ලේකම්  හේමන්ත  බණ්ඩාර මහතා  දැනුම් දෙයි.
පෙටිටිගල, එගොඩ වලේබොඩ, රාස්සගල , ඇල්ලෙවත්ත සහ ගවරන්හේන  යන  ග්‍රාම සේවා වසමිවලට  අයත් ප්‍රදේශ මෙලෙස නාය  අවදානම්   කලාප ලෙස   ජාතික  ගොඩනැගිලි පර්යේෂණ ආයතනය  මගින් නමි  කර  ඇත.
ඇල්ලෙවත්ත ග්‍රාම සේවා වසමෙි  මැද්දෙක්ද   වත්ත, රාස්සගල  ග්‍රාම සේවා වසමෙි හැරමිටිගල, පෙටිටිගල ග්‍රාම සේවා වසමෙි  යද්දෙහිකන්ද  සහ  පෙටිටිගල  වත්ත , ගවරන්හේන හා එගොඩ වලේබොඩ යන   ප්‍රදේශ නාය අවදානම්   කලාප ලෙස නමි කර ඇති බව  බලන්ගොඩ  ආපදා සහන සේවා  නිළධාරීන්  උපුල්  අනුරසිරි  මහතා අප කළ විමසුමකදී  පවසා සිටියේය. අද උදේ වරුවේ පෙටිටිගල ප්‍රදේශයට  මිලිමීටර්  84 ක  වර්ෂාපතනයක්   පැවැති බවද  අනුරසිරි  මහතා කීය.  නාය අවදානම් තත්ත්වය සමිබන්ධයෙන්  ජනතාව  දැනුම්වත් කිරිම සහ අවශ්‍ය  මුලික  කටයුතු  සිදුකර  ඇති අතර  හදිසි අවස්ථාවක්  ඇතිවුවහොත් ප්‍රදේශවාසීන්  ආරක්ෂිත ස්ථාන  වෙත  යොමුකිරීම  සඳහා  සියලුම  කටයුතු ප්‍රාදේශීය ලේකම්වරයාගේ  උපදෙස් මත  සුදානමි  කර තිබෙන  බවද  ආපදා සහන සේවා නිළධාරී උපුල් අනුරසිරි මහතා  වැඩිදුරටත් සඳහන් කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *