බලෙන් පඩි කැපූ නැගෙනහිර ලොක්කන්ට වැඩ වරදී

කොවිඩ් – 19 අරමුදලට පිරි නැමීම සඳහා නැගෙනහිර පළාතේ ගුරු භවතුන්ගේ දිනක වැටුප කැමැත්ත අකැමැත්ත නොවිමසා කපා ගැනීම සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. SCFR 166/2020 අංක දරන පෙත්සම ඉදිරිපත් කරමින් පෙත්සම්කාර පාර්ශවය වන ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරන්නේ ගුරුවරුන්ගේ කැමැත්ත නොවිමසා බලහත්කාරයෙන් දිනක වැටුප කපාගෙන නැගෙනහිර පළාත් බලධාරීන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු කර ඇති බවයි.

එබැවින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ ව ඇති බව ප්‍රකාශ කොට වන්දි සහ අභිමත වෙනත් සහන ලබාදෙන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටින පෙත්සම්කාර පාර්ශවය වග උත්තරකරුවන් ලෙස නම්කොට තිබෙන්නේ නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, නැගෙනහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා, නැගෙනහිර පළාතේ අධ්‍යාපන ලේකම්වරයා සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාය. සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසන පෙත්සම්කාර පාරශවය වන්නේ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්, එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ලංකා ගුරු සංගමයේ නැගෙනහිර පළාතේ ක්‍රියාධරයෙකු සහ මඩකලපුවේ ගුරුවරයෙකු වන පොන්නදුරෙයි උදයරූබන් ය. ඔවුන් වෙනුවෙන් නීතීඥ ජගත් නානායක්කාර පෙනී සිටියි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *