බසයෙන් පැන්න රුසියානු කතට අසාධ්‍යයි

ගාල්ල කටුගොඩ ප්‍රදේශයේදි බස් රථයකින් ඇද වැටුන විදේශිය කාන්තාවක් බර පතල තුවාල ලබා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බව වරාය පොලිසිය පවසයි.

රුසියානු ජාතික Yalemvina Lajhavova නමැති  38 හැවිරිදි මෙම කාන්තාව ගාල්ල බලා ඒමට මිරිස්සෙන් බස් රථයට ගොඩවි ඇති අතර කටුගොඩදි ඇයගේ බෑගය බිමට වැටිම නිසා බස් රථය නතර කරන ලෙසට රියදුරුට පවසා ඇතත් එක් වරම බස් රථය නතර කිරිමට නොහැකිවු නිසා ඇය බෑගය ගැනිමට බස් රථයෙන් බිමට පැන තිබේ.

එහිදි බරපතල තුවාල ලැබු කාන්තාව වහාම කරාපිටිය රෝහලට ගෙන ගොස් ඇත. කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට නොහැකිව අසාධ්‍ය තත්වයේ  සිටින බවය.

බස් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර වරාය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *