බෝගම්බරදී දිවි නසාගත් නිරෝධායන රැඳවියා විදෙස් ශ්‍රමිකයෙකු නොවේ.

මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු සියදිවි හානි කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා මහනුවර පොලීසිය ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම පුද්ගලයා අද (09) අලුයම ගෙල වැල ලා ගෙන සියදිවි හානිකර ගෙන තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත. මියගිය පුද්ගලයා මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇති බව පොලීසිය පවසයි.

මත්කුඩු පානයට ඇබ්බැහිවූ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන අවස්ථාවල ඔවුන් නිරෝධායනට යොමුකරන බවත් මෙම පුද්ගලයා එලෙස බෝගම්බර පැරණි බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර සිටි අයෙකු බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. මියගිය පුද්ගලයා ගල්කිස්සේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පනස්වැනි වියේ පසුවෙයි.


Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *