බෝගම්බරින් පැන්න රැඳවියා අල්ලයි
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියා අද (18) පස්වරුවේ මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සැඟව සිටියදී පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
සැකකරු අද (18) අලුයම 1.00 ට පමණ බන්ධනාගාරයෙන් පළාගිය අතර පොලීසිය ඔහු සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේද සහය ඇතිව මෙහෙයුමක් දියත් කළ නමුත් සිද්ධියෙන් පැය 16 ක් යනතුරු ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.
මහනුවර පොලිස් කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහි වූ අයෙකු බව පොලීසිය පවසයි.
සැකකරු පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතය.