භාෂණයේ නිදහස ඉල්ලා උද්ඝෝසනයක්

භාෂණයේ නිදහස ඉල්ලා සමගි ජන බල වේගයේ ආධාරකරුවන් පිරිසක් ගිනිගත්හේන බස් නැවතුම්පොල අසල අද (24) දින උදැසන විරෝධතාවයක නියැලුණි. අඹගමුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි සහ සමගි ජන බලවේගයේ මස්කෙලිය ආසන සංවිධායක කපිල නාකන්දල මහතා විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදි සිදු කල ප්‍රකාශයක් පදනම් කරගනිමින් එම මන්ත්‍රිවරයාට මේ වන විට තර්ජන රැසක් මතු වි ඇති බවත්, දුෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඩක් නැගු හිටපු ගම්පහ දිස්ත්‍රික් පා.ම රංජන් රාමනායක මහතාව  සිව්වසරකට බර පතල වැඩ සහිතව බන්ධනාගාර ගත කර රංජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතියද අහොසි කිරිමට වත්මන් රජය විසින් කටයුතු කර ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි සහ ජාතික සමගි ජන බල වේගයේ මස්කෙලිය ආසනයේ සංවිධායක කපිල නාකන්දල මහතා චෝදනා කර සිටියි. භාෂණයේ නිදහස නැති වුවහොත් මේ රට දුෂණයෙන් පිරි රටක් බවට පත් වන බවත්,දුෂණය වංචාව සම්බන්ධයෙන් කතා කරන පුද්ගලයන්ගේ ජිවිත වලටද අවධානමක් පවතින බවයි කපිල නාකන්දල මහතා කියා සිටියේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *