මං සුදුසුයි බලෙන් එපා. කරු එ.ජා.ප නායක සිහිනයේ

ලංකාවේ මුල්ම දේශපාලන පක්ෂය වන එකසත් ජාතික පක්ෂයට නායකත්වය දෙමින් එය ඇද වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට තමන්ට හැකි බවද තමන් නායකත්වයට සුදුසු නමුත් බලෙන් නායකයා වීමේ වුවමනාවක් නැති බවද හිටපු කතානායක කරු ජයසූරිය මල්වතු මහ නාහිමියන් හමුවී පවසා තිබේ. බිංදුවට ඇද වැටී ඇති පක්ෂය ගොඩගැනීමේ පළපුරුද්ද තිබෙන්නේ තමන්ට බව ඔහු මහ නාහිමි හමුවේ අවධාරණය කර තිබේ.

මේ වනවිට රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්වන බව ප්‍රකාශ කරන බැවින් 1996 දී පක්ෂයට එක් වූ තැන්පටන් කැපවීම් කළ තමන් ඒ සඳහා ඉදිරිපත්වීමට සුදුසු කම් සපුරා තිබෙන නමුත් බලෙන් නායකයා වීමට අපේක්ෂා නොකරන බවද ඔහු එහිදී පවසා ඇතැයි වාර්තා වේ. මේ වනවිට පාක්ෂිකයන්, විද්වතුන්, මහා සංඝරත්නය ඇතුළු බොහෝ දෙනා පක්ෂය භාරගන්නා ලෙස තමන්ගෙන් ඉල්ලා තිබෙන අතර නායකත්වය ලබා ගැනීමට පොරකන ඇතැම් පිරිස් තමන්ට පක්ෂ සාමාජිකත්වය නැතැයි ගෙන යන ප්‍රචාර සාවද්‍ය බවයි කරු ජයසූරිය මල්වතු හිමියන් හමුවේ පවසා තිබුණේ.

තමන්ට නැවත පාර්ලිමේන්තු යාමේ වුවමනාවක් නැති බවද මෙහිදී පවසා තිබූ කරු ජයසූරිය සඳහන් කර තිබුණේ පසුගිය ජනපතිවරණ සමයේ රනිල් සජිත් දෙපාර්ශවය සමගි කිරීමට පුළුල් කාර්යභාරයක් ඉටු කළ තමන්ට ජාතික ලැයිස්තුවට එම දෙපිරිසම ආරාධනා කළ නමුත් ප්‍රතික්ෂේප කළ බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *