මගීන් 97යි. නීති කැඩූ ලංගම බසය පොලීසියේ

මගී ප්‍රවාහන බස් රථවල ආසන ප්‍රමාණයට පමණක් මගීන් ප්‍රවාහනය කරල ලෙස උපදෙස් ලබාදී තිබියදී එම උපදෙස් නොපිළිගනිමින් කෑගල්ල සිට මහනුවර දක්වා රෝහල් සේවකයින් 97 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස් රථයක් එහි ගමන්ගත් පිරිස විසින් ඊයේ (17) පෙරවරුවේ පේරාදෙණිය පොලීසියට රැගෙනවිත් තිබේ.

මෙලෙස පේරාදෙණිය පොලීසියට බස් රථය යොමු කිරීමෙන් පසු මගීන් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙලෙස බස් රථවල ගමන් කිරීමෙන් තම ජීවිත දැඩි අවධානමකට ලක්වන බවයි.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හා මහනුවර ජාතික රෝහලේ සේවය කරන සෞඛ්‍ය හා සෙසු කාර්ය මණ්ඩලවලට අයත් පිරිසක් මෙම බස් රථයේ පැමිණ තිබෙන බව පොලීසිය පවසයි.

මගීන් 30 දෙනෙකු පමණ සිටියදී කෑගල්ලෙන් ගමන් ආරම්භ කළ බස් රථයට අතර මඟදී විශාල වශයෙන් මගීන් ගොඩවී ඇත. පිළිමතලාවට පැමිණෙන විට එහි 97 දෙනෙකු සිටි බව මගීහු පවසති.

මේ සම්බන්ධව මහනුවර හා පේරාදෙණිය රෝහල් වල අධ්‍යක්ෂවරුන් හා ප්‍රවාහන බලධාරීන් ලිඛිතව දැනුම්වත් කිරීමට පියවර ගත්බව පේරාදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන බස්නායක මහතා පවසයි. 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *