මත්ද්‍රව්‍ය ආශ්‍රිත සුලු වැරදිකරුවන්ට නිදහස

දැනට මෙරට බන්ධනාගාරවල පවතින අධික තදබදයට පිළියමක් ලෙස මත්ද්‍රව්‍ය ආශ්‍රිත සුලු වැරදිවලට සිරගතකර හෝ රිමාන්ඩ්කර සිටින රැඳවියන් 6000ක් මුදා හැරීමට නියමිත බව වාර්තා වේ.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ මෙසේ නිදහස ලබාදෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කළ හෝ සුලු ප්‍රමාණයක් සන්තකයේ තබාගත් අයට මිස ජාවාරම්කරුවන්ට නොවන බවයි.

පවතින නීති ලිහිල් කරමින් නම්‍යශීලීව මේ පිළිබඳව කටයුතු කරන මෙන් අධිකරණ ඇමතිවරයා නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.  ඒ අනුව නීතිපති උපදෙස් මත දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා ක්‍රියා කොට තිබේ.  78 වගන්තිය යටතේ නඩු පවරා දිවයිනේ පොලිස් ස්ථාන 494ක් මගින් අත්අඩංගුවට ගත් 6000කට ආසන්න පිරිසක් නිදහස් කරනු ලැබෙන්නේ ඒ අනුවය.

එසේ නිදහස් කරන පිරිස සමාජගත කරන්නේ සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ නිරෝධායනය කර පී.සී.ආර් පරීක්ෂණවලින් පසුව බවද අජිත් රෝහණ පැවසුවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *