මනමේ කුමරි වලප
පියාණෙනි, මා කැඳවුයේ කිම
දුවණි වෙමි ඔබගේ දුලා
පෙර සිරිත ලෙස බැඳී යන්නෙමි
ධනුද්ධර හා එක් වෙලා
ශෝකයෙන් හද රිදෙන මුත් මා
දමා යනවිට තක්සලා
දැවි දැවී පෑරුණු සිතත් ගෙන
වනේ මං පියමං කළා.
ප්‍රේමයෙන් මන නොවිණ රංජන
මලුත් උණු කඳුළැලි හෙලා
ආලයෙන් වෙලි තුරු ලතා
නැහැ වනේ එකිනෙක ලං වෙලා
හිරු කිරණ වතමඬල දැවුවා
සෝ සුසුම් හා එක් වෙලා
බමර මිහිරෙන් කෙසේ මත්වෙද
තඹර විල මුකුලිත වෙලා
මධුර ගීයක් ගයනු බැරිවී
රෑන ගිරවුන් ගොලු වෙලා
කෝකිලන් හඬ රන් ස්වරය නෑ
උන් සෑවොම බියපත් වෙලා
අහස ගුගුරා අකුණු හඬ දෙයි
මහපොළොව කම්පා වෙලා
දීග කන්නද කෙලෙස මා අද
ධනුද්ධර සිත සනසලා
ආදරේ ඇති මිහිරි බව නුඹ
පසක් කෙරුවෙන් දික්තලා
වැදි රජුන් වෙත සිත පිදූවෙමි
ආදරෙන් මුසපත් වෙලා
නුඹට මෙන් සැලමුතු පෙමක් නොව
සසරෙ මදි මං පිං කළා
දික්පිටිය හා ගඟෙන් එතෙරව
නුඹයි දින්නේ දික්තලා
-ඉමංකා ජයවීර-