මන්දට හසු වූ බල්ලා කමින් සිටි කොටියාද මන්දේ පැටලේ

සතුන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට අසුවූ සුනඛයෙකුගේ ශරීර කොටස් ආහාරයට ගනිමින් සිටි කොටියෙකු මන්දට පැටලී සුළු වේලාවකට පසු ඉන් නිදහස්ව පළාගිය බව බගවන්තලාව චැපල්ටන් වත්තේ පදිංචිකරුවෝ පවසති.

මන්දට අසුව සිටි සුනඛයා ආහාරයට ගැනීමට පැමිණි කොටියා මන්දේ කොටසක පැටලී සිටිනු දුටු ප්‍රදේශවාසියෙකු ඒ බව බගවන්තලාව පොලීසියට ඊයේ (15) පෙරවරුවේ දැනුම් දී ඇත.

පොලීසිය මගින් මේ බව නල්ලතන්නිය වනජීවි කාර්යාලය වෙත දැනුම් දීමෙන් පසු නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් තිබේ.එම අවස්ථාවේ මන්දට අසුව සිටි කොටියා ඉන් නිදහස්ව රක්ෂිතයට පළාගිය බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

මන්දට අසුවූ සුනඛයා කෑගසණ ශබ්දය ඇසී ප්‍රදේශවාසියෙකු ඒ දෙසට ගොස් තිබේ. එම අවස්ථාවේ සුනඛයාගේ කොටසක් ආහාරයට ගෙන සිටි කොටියෙකු මන්දේ පැටලී සිටිනු දුටු බව එම පුද්ගලයා පොලීසියට පවසා ඇත.

අදාළ ස්ථානයේ අටවා තිබූ මදු කිහිපයක් ගලවා ඉවත් කළ බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *