මන්නාරම දුම්රිය නැවතුම අද සිට විවෘතයි
කොරෝනා වසංගත අවදානම නිසා වසා දමා තිබූ මන්නාරම දුම්රිය නැවතුම අද දින සිට යළි මහජන භාවිතය සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබේ. එහි ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ දින 14ක නිරෝධායන කාලසීමාවද ඒ සමග නිමා වී තිබේ.
මෙලෙස නිරෝධායන පියවර ගනු ලැබුවේ වවුනියාව පට්ටකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තැනැත්තකු පලා යාමෙන් පසු මන්නාරමට පැමිණ දුම්රිය නැවතුමේ රැඳී සිටියදී හමු වීම නිසා ය. මෙලෙස පලා ගිය තැනැත්තා විදේශගතව සිට පැමිණ නිරෝධායනයට ලක්ව සිටි පුද්ගලයෙකු වන අතර යුධ හමුදාව පැමිණ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කරනු ලැබීය. ඒ හේතුවෙන් දුම්රිය නැවතුම වසා දැමූ අතර කාර්ය මණ්ඩලයද නිරෝධායනයට යටත් කරනු ලැබීය.