මහනුවර මධ්‍යම වෙළඳපොළ වසයි

මහනුවර මධ්‍යම වෙළෙඳ පොළේ එළවළු අළෙවි අංශයේ අට දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරු වීමත් සමඟ මධ්‍යම වෙළෙඳ පොළ අද (26) සිට තාවකාලිකව වසා දැමීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන ඇත.එළවළු අළෙවි අංශයේ එක් අයෙකුට මෙයට දින තුනකට පෙර කොවිඩ් ආසාදනය වී තිබෙන බව තහවුරු වීමෙන් පසු එම අංශය තාවකාලිකව වසා දැමුණු අතර ඔහු හා සමීප සබඳතා පැවැත්වූ  පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ මගින් තවත් හත් දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබීම නිසා නගර සභාව මෙම තීරණය ගෙන තිබේ.නගර සභාවට අයත් ක්‍රීඩා පිටි වලට ඇතුළු වී තරුණ කණ්ඩායම් ක්‍රීඩා කරන බවට පැමිණිලි රැසක් ලැබුණු බවත් සෞඛ්‍ය අංශ උපදෙස් වලට අනුව මේ අවස්ථාවේ පුද්ගල කණ්ඩායම් එකතු වීම අහිතකර බැවින් නගර සභාව යටතේ ඇති සියලුම ක්‍රීඩා පිටි තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව නියෝජ්‍ය නගරාධිපති ඉලාහි ආබ්දීන් මහතා පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *