මහනුවර – මියගිය කතගේ ආශ්‍රිතයන්ට කොවිඩ්

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 08 දා මරණයට පත්වූ කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් 13 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් හෙළිවූ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.

මහනුවර ධම්මසිද්ධි මාවතේ පිහිටි ප්‍රධාන පෙළේ පාසැලකට අයත් නිල නිවසක පදිංචිව සිටියදී මෙම කාන්තාව මරණයට පත්වූ අතර ඇගේ මරණයෙන් පසු නිල නවසේ සහ ඊට යාබදව පිහිටි නිවසක පදිංචි 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබිණි.

අදාළ කාන්තාවගේ සැමියාද සති දෙකකට පමණ ඉහතදී මරණයට පත්ව තිබෙන අතර පී.සී.ආර් පරීක්ෂණයක් නොකර ඔහුගේ අවසන් කටයුුතු සිදු කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා හා පොලීසිය පරීක්ෂණයක් ආරම්භකර ඇත.

මහනුවර මහයියාව ප්‍රදේශයේ පුද්ගලයින් 300 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර ඊයේ (12) ලබාගත් වාර්තාවන්ට අනුව 18 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වූවේ යැයි නාගරික කොමසාරිස්වරයා කීය.

මධ්‍යම පළාතේ කොවිඩ් -19 ආසාදිතයින් 51 දෙනෙකු අද (13) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුළ හමුවීමත් සමඟ පළාතේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 916 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව   මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම පළාතේ වැඩිම කොවිඩ් ආසාදිතයින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 573 කි.නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 268 දෙනෙකුද මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 75 දෙනෙකුද වාර්තා වී ඇත.

 

නව ආසාදිතයින් 51 දෙනා මහනුවර දිස්ත්‍රික්කයෙන් 33 ක්,නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 06 ක් හ මාතලේ දිස්ත්‍රික්කයෙන් 12 ක් ලෙස වාර්තා වී තිබේ..

 

මේ දක්වා මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ මහනුවරින  වන අතර එම සංඛ්‍යාව 164කි.නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ආසාදිතයින් 123 දෙනෙකු හමුව ඇත.මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිත පිරිසක් වාර්තා වන්නේ ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 14 කි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *