මහනුවර ලුම්බිණි රාජකීය ප්‍රාථමිකය ඉවත් කිරීමට මව්පියන් විරුද්ධයි
මහනුවර නගරාසන්නයේ පිහිටි ලුම්බිණි රාජකීය විදුහලේ ප්‍රාථමික අංශය වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් එම පාසැලේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ මව්පියන්,ආදි සිසුන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ (10) විරෝධතාවයක නිරත වූහ. මෙම පාසැල අධ්‍යාපන හා විෂය සමගාමී බාහිර කටයුතු වලින් ප්‍රගතියක් ලබා තිබියදී පාසලේ ප්‍රාථමික අංශය සැතපුම් ගණනාවක් දුරින් පිහිටි දංගොල්ල විමලබුද්ධි විද්‍යාලය කරා ගෙනයෑමට ගෙන ඇති තීරණය ඉතාමත් අසාධාරණ එකක් බව විරෝධතාවට එක්ව සිටි පිරිස පැවසූහ
කිසිදු හෝ සාධාරණ හේතුවක් පවා නොමැතිව මෙම විදුහලේ ප්‍රාථමික අංශය වෙනත් විදුහලකට ගෙන යෑමේ තීරණය අහෝසි කරන තුරු අඛණ්ඩවම උද්ඝෝෂණ පවත්වන බවද ඔවුහූ කීහ.