මහනුවර හා ලුණුගල භූ කම්පන අතර සබඳතාවයක් – මහාචාර්ය අතුල සේනාරත්න

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මඩොල්සිම ප්‍රදේශයේ ඇතිව තිබෙන්නේ රිච්ටර් මාපකයේ 1.5 ක අගයක් සහිත භූ කම්පනයක් බවත් ඒ පිළිබඳ අනියත බියක් ජනතාව ඇතිකර නොගත යුතු බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ඇකිරිය ග්‍රාම නිලධාරි වසමේ එගොඩ ගම,අලුත්වත්ත,පල්ලේවෙල යන ගම්මානවල ජනතාවට ඊයේ  (12) අලුයම 4.53ට පමණ භූකම්පන තත්ත්වය දැනී ඇත.

එම ප්‍රදේශයේ පසුගිය 22 දින අලුයම 3.30 ට පමණ ප්‍රථම භූ කම්පනය ඇතිවූ අතර මේවන විට සති තුනක කාලයකදී භූ කම්පන පහක් ඇතිව තිබේ.

මධ්‍යම කඳුකරයේ භූ විද්‍යා සිතියම නිරීක්ෂණය කිරීමේදී පොළොව අභ්‍යන්තරයේ විභේද (පැලුම්) විශාල ප්‍රමාණයක් තිබෙන බව පැහැදිලිව දක්නට ලැබෙන බවත් මෙම විභේද වල යම් අකාරයක චලනයක් වනවිට භූමිකම්පාවක ලක්ෂණ දක්නට ලැබෙන බවත් ඒ මහතා කීය.

මහනුවර වික්ටෝරියා, වලපනේ හා මඩොල්සිම භූ කම්පන ඇතිවූ ප්‍රදේශ සිතියමක ලකුණු කළ විට මෙම විභේද හා එම කම්පන අතර සමඳතාවක් පවතින බව පැහැදිලි වන්නේ යැයිද හෙතෙම පැවසුවේය.

මෙම භූකම්පන සිදුවූ අවස්ථාවල ලෝකයේ වෙනත් කිසිදු ප්‍රදේශයක ඒ මොහොතේ භූ කම්පනයක් ඇතිව නොමැති බවත් මේ නිසා මෙම කම්පන ප්‍රදේශය ආශ්‍රිතවම සිදුවන්නක් බව නිගමනය කළ හැකි බවත් මහචාර්යවරයා ප්‍රකාශ කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *