මහියංගණයේ ඇගලුම් කම්හල්වලින් ආසාදිතයන් 483ක්

මහියංගන සහ ගැමුණුපුර ඇඟලුම් කම්හල් ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයින්   හාර සිය  අසූ තුන් දෙනෙකු ඉරිදා වන විට හඳුනාගෙන ඇත . ආසාදිතයින්  රිදී මාලියද්ද මහියංගන හා ගිරාඳුරුකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ පවසයි . තව දුරටත්  රෝගය  පැතිරීම වැළැක්වීමට නම්  දින කීපයකට හෝ මෙම ප්‍රදේශ  හුදකලා කිරීමට සුදුසු බවත් ඊට අවශ්‍ය නිර්දේශ covid මර්ධන කමිටුව වෙත ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් දන්වා යවා ඇත .  මේ අතර අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල පෙර පාසල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙසට සෞඛ්‍ය බලධාරීන් දන්වා සිටී . මහියංගන අධ්‍යාපන කලාපයේ පාසල් පවත්වාගෙන යෑම පිළිබඳව  කලාපයේ විදුහල්පතිවරුන් සමඟ සමඟ විශේෂ සාකච්ඡාවක් 7වන දින එනම් හෙට දින පස්වරු දෙකට මහියංගන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට කලාප අධ්‍යාපන කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මහියංගන ගිරාඳුරුකෝට්ටේ රිදීමාලියද්ද යන ප්‍රදේශවල සංචරණ කටයුතු සීමා කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්  මහජනයා වෙත දන්වා සිටී.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *