මිද්දෙණියේ තුවක්කුකරු අල්ලයි

මිද්දෙණිය කාරියමඩිත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු ගිණි අවි සහිතව අවට සැරිසරන බවට තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය මහතාට ලද පුද්ගලික තොරතුරකට අනුව තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයේ නිළධාරීන් පිරිසක් විසින් සිදුකල වැටලිමකදී විදෙස් රටක නිශ්පාදිත ගිණි අවියක් හා මෙරට නිශ්පාදිත ගිණි අවි දෙකක් සමග පුද්ගලයෙකු 30 දින අත්අංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිද්දෙණිය කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.ලද තොරතුරට අනුව සිවිල් ඇදුමින් සැසුණු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ෂණ ඒකකයේ නිළධාරීන් පිරිස කාරියමඩිත්ත ප්‍රදේශයේ ස්ථාන කිහිපයක රැක සිට සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු පොහොර උරයක දමා ඒ අසල වු කැලෑබද ස්ථානයක සිට ගිණි අවි රැගෙන එමින් සිටියදි අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු සන්තකයේ තිබී විදෙස් රටක නිශ්පාදිත බෝර 12 වර්ගයේ උණ්ඩ යොදන ගිණි අවියක්,මෙරට නිශ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් හා බෝර 12 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිණි අවියක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුගේ වැඩිමහළු සහෝදරයෙකු මීට මාස 06කට පමණ පෙරදී මිද්දෙණියේදී වෙනත් පුද්ගලයෙකු විසින් ඝාතනය කර ඇති බවත් හා අත්අඩංගුවට පත් සැකකරුද ප්‍රදේශයේ විවිධ ජාවාරම් වල නිරත වන අයෙකු බවත් මුලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ. සැකකරු මෙම ගිණි අවි සන්තකයේ තබාගෙන සිටියේ කිසියම් අපරාධයක් සිදුකරිමටද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර තිබේ. සැකකරු අධිකරණ කටයුතු සදහා ඉදිරිපත් කිරීම සදහා මිද්දෙණිය පොලිසියට බාර දී තිබේ.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *