මෙරට රබර් කර්මාන්තයටත් චීන්නු අතගසයි

2021 වසරේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදුවන දැවැන්ත ආයොජනය ලෙස සැලකිය හැකි  ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක  වටිනාකමකින් යුතු ‘’හයිනෑන් රබර් ගෘෘප්’’ නැමති චීන සමාගම සමග ආරම්භ කරන ව්‍යාපෘතිය සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය පසුගිය සතියේ හිමි වූ බව අමාත්‍ය රමේෂ් පතිරණ පාර්ලිමේන්තුවේ පැවති වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී පැවසීය. රබර් ඇතුළු අනෙකුත් බෝගවල අගය එකතු කිරීමේ කර්මාන්තශාලාවක්  මෙමගින් ස්ථාපිත වීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ රබර් මිල මේ වන විට ඉහළ ගොස් ඇති බැවින් එය සතුටට කරුණක් බවත් රබර් කර්මාන්තය නගාසිටුවීම වෙනුවෙන් අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවත් අමාත්‍ය වරයා කමිටුවේදී අවධාරණය කළේය. විශේෂයෙන් රබර් ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට නොහැකි බැවින් මේ වනවිටත් රබර් ආනයනයේ සීමාකිරීම් ඇතිකොට තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම ඇමරිකානු ඩොලර් මිලියන 300ක වියදමින් හම්බන්තොට ප්‍රදේශයේ මහාපරිමාන ටයර් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවත් මෙය රබර් නිෂ්පාදකයන්ට ලැබෙන විශාල පිටුවහලක් වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *