මොනරාගල අවි කම්හල වටලයි
කාලයක් තිස්සේ රහසිගතව පවත්වා ගෙන ගිය ගිනි අවි අලුත්වැඩියා කරන අනවසර කම්හලක් මොනරාගල පාලරුව ප්රදේශයේ කළ වැටලීමකදී සොයගැනීමට පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීහු සමත් වූහ. ප්රදේශයේ නිවෙසක එම ගිනි අවි කම්හල පවත්වා ගෙන ගොස් තිබුණේ කම්මලක් පවත්වා ගෙන යන මුවාවෙන් බව පොලීසිය පවසයි.
මෙම වැටලීමේදී අලුත්වැඩියාව සඳහා භාර දී තිබූ බෝර 12 පතුරම් තුවක්කු 05ක් සහ ඒවාට යොදන පතුරම් කිහිපයක්, තුවක්කු සඳහා යොදන බට තුවක්කු යාන්ත්රිතක කොටස් මෙන්ම තුවක්කු නිෂ්පාදනයට යොදාගන්න යන්ත්රද සොයාගෙන තිබේ. කම්හලේ හිමිකරු සමග ඔහුගේ අත්උදව්කරුවන් දෙදෙනෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.