යාපනයේ කොවිඩ් එළවලු පොකුරත් ඉහළ යයි

යාපනයේ එළවලු වෙළඳසැල් ආශ්‍රිතව වාර්තාවන කොරෝනා පොකුර රෝගීන් 92 දක්වා ඉහළ නැඟ ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.කේතීෂ්වරන් පවසයි.

මෙම පොකුර ආරම්භ වූයේ යාපනය මරදනාමඩම් එළවලු වෙළඳපොළ ආශ්‍රිතවය.  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ආසාදිතයන් මෙහි පැමිණ ඇති බවත් මේ වනවිට යාපනයේ චුන්නාකම්, මාන්තෙයි, නෙල්ලිඅඩි, තිරුනේල්වෙලි හා සංගානෙයි ප්‍රදේශවල එළවලු අලෙවිසැල් කරාද රෝගය ව්‍යාප්ත ව තිබේ.

තිරුනේල්වේලි ප්‍රදේශයෙන් තවත් රෝගීන් කිහිපදෙනෙකු හමුවීමත් සමග ප්‍රදේශ කිහිපයක එළවලු වෙළඳසැල් වසා දමා එළවලු අලෙවිය සඳහා විකල්ප ක්‍රම ආරම්භ කිරීමට පියවර ගත් බවද උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *