යාපනයේ තත්ත්වය ගැන කලබල විය යුතු නැහැ – දිසාපති

කොරෝනා රෝගය සම්බන්ධයෙන් පැන නගින ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සදහා යාපනය දිස්ත්‍රික්කය තුළ සියළු කටයුතු සූදානම් කොට ඇතැයි යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන් මහතා 30 දා පැවසීය.
විවිධ පුද්ගලයින් විසින් පතුරවනු ලබන ආරංචිවල කිසිම සත්‍යතාවයක් නොමැති බව කී දිසාපතිවරයා කොරෝනා රෝගය ආරම්භ වූ දා සිට මේ දක්වා යාපනයේදී මියගොස් ඇත්තේ රෝගීන් 19 දෙනෙකු පමණක් බවද සදහන් කළේය.
මේ කාලය තුළ යාපනයෙන් කොරෝනා රෝගීන් 1544 ක් වාර්තා වු බවත් අටදහසකට අඩු පුද්ගලයින් සංඛ්‍යාවක් නිරෝධායනයට ලක් කළ බවත් දිසාපතිවරයා පැවසීය.
කෙසේ වෙතත්, ජනතාවගේ දෛනික ජීවිතයට බලපෑමක් නොවන පරිදි සහ කිසිදු අපහසුතාවයක් ඇති නොවන පරිදි පියවර ගන්නා නිසා
මහජනතාව කලබල නොවිය යුතු බවද දිසාපතිවරයා සදහන් කළේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *