යුක්‍රේනයෙන් හොර කොත්තමල්ලි

කොත්තමල්ලි යැයි අඟවා මෙරට ආනයනකරුවන්ට වංචා කොට ව්‍යාජ ශාඛ ද්‍රව්‍ය තොගයක් මෙරටට එවා ඇති බව වාර්තා වේ. ලංකාවේ ප්‍රධාන පෙළේ ආනයනකරුවන් අටදෙනෙකු කළ අැනවුමකට අනුව රුපියල් හත් කෝටියකට වඩා වටිනා කොත්තමල්ලි තොගයක් වෙනුවට අදාල අපද්‍රව්‍ය ලංකාවට එවා ඇති බව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකය පවසයි.

මේ වනවිට කොළඹ වරායට ව්‍යාජ කොත්තමල්ලි අඩංගු බහාලුම් 28ක් එවා ඇති අතර යුක්‍රේනයේ ඇග්‍රොනිකා සමාගමෙන් ආනයනකරුවන් ඒවා ඇනවුම් කර ඇත.

මෙම ශාඛ අපද්‍රව්‍ය තොගය සඳහා යුක්‍රේනයේ ආහාර සුරක්ෂිතතාව හා පාරිභෝගික ආරක්ෂාව සඳහා රාජ්‍ය ආයතනය සවස්ථතා සහතිකයක්ද ඉදිරිපත් කර තිබේ. මේවා මෙරටට රැගෙන ආ නෞකා ලියවිලිවලද සඳහන් වන්නේ කොත්තමල්ලි යනුවෙනි.

මේ වනවිට කොළඹ වරායේ හා රේගු බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනයේ ඇති අදාල බහාලුම් පිළිබඳව විමර්ශනයට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහුද සහභාගි වූහ. 1995 අංක 35 දරන ශාඛ ආරක්ෂණ පනත යටතේද ජෛව නිරෝධායන නීතිවලට අනුවද මේ ආනයන ක්‍රියාවලිය නීතිවිරෝධී බව පවසන රේගුව පරීක්ෂණවලින් අනතුරුව නැවත ඒවා යුක්‍රේනයට ප්‍රතිඅපනයනය කරන බව පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *