යුද්ධ හමුදාපති අතින් ආබාධිත රණවිරුන් පිරිසකට කෘත්‍රීම අත් පා බෙදාදෙයි

දිලංක ගුණතිලක

යුද්ධයෙන් ආබාධිත වූ වීරෝධාර රණවිරුවන්ට කෘත්‍රිම අත් පා පරිත්‍යාග කිරීම වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්විය.

ඒ කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තුව මඟින් සංවිධානය කළ රණවිරු සුබසාධන වැඩසහටනකදීය.

නව කෘතිම අත් පා කට්ටල බෙදාදීම සඳහා ගැමුණු හේවා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි අවන්ති අබේනායක මහත්මිය ගේ මැදිහත්වීමෙන් කර්නල් රිසාන් හැමිඩන් (Rizan Hamidon) සහ එම මැතිණිය වන මුම්ටාස් හැමිඩොන් (Mumtaz Hamidon) මහත්මිය ගේ සම්බන්ධීකරණය මත පරිත්‍යාගශීලින් පිරිසක් විසින් මූල්‍යමය අනුග්‍රහය ලබාදී තිබුණි.

මෙම අවස්ථාවට ගැමුණු හේවා බලකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්වන  යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා,   මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ගැමුණූ හේවා බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.

සංස්කාරක

Related post

2 Comments

  • Great work! That is the type of information that should be shared around the internet. Nollie Trent Fannie

  • Hi, always i used to check web site posts here early in the dawn, for the reason that i enjoy to gain knowledge of more and more. Dyanna Baudoin Duwalt

Leave a Reply

Your email address will not be published. Required fields are marked *